රියෑදුරු බලපත්‍රයක්‌ නැතිව අවුරුදු 10ක්‌ බස්‌ රථයක්‌ එළවලා

රියදුරු බලපත්‍රයක්‌ නොමැතිව වසර 10 ක පමණ කාලයක පටන් පෞද්ගලික බස්‌ රථ රියෑදුරකු ලෙස කටයුතු කළ අයකු කොස්‌ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23 දා) අත්අඩංගුවට ගෙන ඇත.

කොස්‌ගොඩ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් සිසිර කුමාර (553) සහ ජගත් (55355) යන නිලධාරීන් කොස්‌ගොඩ එගොඩදූවේදී රථවාහන පරීක්‍ෂා කරමින් සිටියදී මෙම බස්‌ රථය නතර කර තිබේ. එය පරීක්‍ෂා කිරීමේදී රියෑදුරු බස්‌රථ හිමිකරු ගේ රියදුරු බලපත්‍රය උපයෝගී කරගෙන බස්‌රථ ධාවනය කර ඇති බව හෙළිවී ඇත.

රියෑදුරු බලපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ. කොස්‌ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ලාල් උඩුගමගේ මහතාගේ උපදෙස්‌ අනුව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඉඳුරුව - තිලක්‌ විඡේසුන්දර

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට