විහාරාධිපති හිමිගෙ සිවුර ගලවා සරමක් අන්දවලා


පන්විල, හාතලේ රෝහණ මුණසිංහාරාම විහාරස්ථානයට පෙරේදා (28 දා* කඩාවැදුණු 28 දෙනකුගෙන් සමන්විත පිරිසක් එහි විහාරාධිපති වැලිගම සුමේධ හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා සරමක් අන්දවා බස් නැවතුමක ගැටගසා ඇතැයි පන්විල පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පන්විල පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 14 දෙනෙක්ද පිරිමි 14 දෙනෙක්ද සිටිති.

පසුගිය මාස කීපය තුළ ගමේ ඇතැම් පිරිස් හා විහාරාධිපති හිමියන් අතර පවතින බහින්බස්වීම් හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.


අත්අඩංගුවට පත් සැකකරුවන් 28 දෙනා තෙල්දෙණිය මහෙස්ත‍්‍රාත් රොහාන් ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජුලි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පන්විල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මන මහතාගේ උපදෙස් මත උ පොලිස් පරීක්ෂක ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
පන්විල - ෙඡ්. තල්වත්ත

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට