එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලංකාව ටෙස්ට් ජය ගනී

එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 100ක තියුණු ජයක් හිමි විය.
ඒ, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී එංගලන්ත අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී යාමත් සමග ය.
මෙම තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීමට එංගලන්තයේ මොයීන් අලි සහ අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් ඉමහත් වෙහෙසක් දැරූහ.
ඊයේ දිනයේදී සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ මොයීන් අලි ලකුණු 108ක් රැුස් කළේ, පන්දු 287කට මුහුණ දෙමිනි.
මෙම ඉනිමේ සුවිශේෂී සිදුවීම වූයේ, අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ට ඉනිම ය.
ඔහු පන්දු 55කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කරගෙන මොයීන් අලීට සහය වූයේ, කිසිදු ලකුණක් ලබා නොගනිමිනි.
කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී අවාසනාවන්ත ලෙස රංගන හේරත් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියේ ය.
මෙහිදී ධම්මික ප‍්‍රසාද් කඩුලූ 5ක් බිඳ හෙළීමට සමත් විය.
තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ‍්‍රී ලංකාවට හිමි විය.
 

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට