චන්ද්‍රිකාගෙ නිවස වීඩියෝ කරපු තිදෙනා අත්අඩංගුවට

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ කොළඹ පිහිටි නිවස අසල සැකකටයුතු අන්දමින් ගැවසෙමින් එම නිවස වීඩියෝ ගත කරමින් සිටි දෙමළ ජාතිකයන් තිදෙනකු කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ 23 දා දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් සතුව තිබූ වීඩියෝ කැමරා ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති අතර ඔවුන් එල්ටීටීඊ සංවිධානය සමග ද සම්බන්ධතා පැවැත්වූවන් බවට පොලිසිය සැක පහළ කරයි.

සැකකරුවන් තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බවත් පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.
හේමන්ත රන්දුණු

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට