විදුහල්පතිට විරුද්ධ අශෝක සිසුවා පැහැරගෙන

කොළඹ අශෝක විද්‍යාලයේ 10 වන ශේණියේ සිසුවෙකු පැහැරගෙන ගොස් රාජගිරිය ප‍්‍රදේශයේදී අතහැර දමා යෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 26 වනදා පස්වරුවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම සිසුවා පැහැරගෙන ගොස් ඇති බවට සිසුවාගේ පියා විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
බස්නාහිර පළාත් සභාවට අයත් පාසලක් වන කොළඹ අශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා පසුගියදා විදුහල්පතිවරයාට පක්ෂව සහ විපක්ෂව දෙමව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වූ අතර 16 වැනිදා එම විද්‍යාලයේ උසස් පෙළ සිසුන් පාසල් භූමිය තුළ රතිඤ්ඤා පත්තු කිරීමේ සිද්ධියක්ද වාර්තා වුණා. මෙම සිසුවා එම විරෝධතාවන්ට සම්බන්ධ බවට ආරංචි පැතිර ඇති අතර විදුහල්පතිවරයාට විරෝධය පළ කරත් තවම ඊට නිසි විසඳුම් ලැබී නැත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල