ඔස්ටේ‍්‍රලියාවේ ගිලෙන බෝට්ටුවේ ලාංකිකයින්

සරණාගතයන් ලෙස ඔස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රා කළ ද‍්‍රවිඩ ජාතිකයන් 153 දෙනකු රැුගත් බෝට්ටුවක් ජල කාන්දුවක් නිසා ක‍්‍රිස්මස් ¥පත ආසන්නයේ මුහුදේ ගිලෙමින් පවතින බව ඊයේ රාත‍්‍රී විදෙස් මාධ්‍ය සඳහන් කරා.

ඉන්දියාවේ සිට පැමිණි මෙම බෝට්ටුවේ කාන්තාවන් 32 දෙනකු ද දරුවන් 37 දෙනකු ද සිටින බව එම බෝට්ටුවේ සිට ගොඩබිමට පැමිණි දෙදෙනකු විදෙස් මාධ්‍ය වෙත හෙළිකර තිබුණා.


ඔස්ටේ‍්‍රලියාව බලා පැමිණි මෙම සරණාගතයන් එරට ආණ්ඩුව විසින් ක‍්‍රිස්මස් ¥පත බලා පිටත්කර යෑවීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙම සරණාගතයන් බේරා ගැනීම සම්බන්ධව ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳව ඔස්ටේ‍්‍රලියානු රජය මෙතෙක් මාධ්‍ය වෙත හෙළිකර නැත.

මීටර් 22 ක් දිගින් යුත් මෙම බෝට්ටුව ඉකුත් 26 වැනිදා රාත‍්‍රියේ සිට ජල කාන්දුවීමට ලක්ව ගිලෙමින් පවතින බව දිවි ගලවාගත් දෙදෙනා සඳහන් කර තිබේ.

මෙම බෝට්ටුව අනතුරට ලක්වීම සම්බන්ධව ඔස්ටේ‍්‍රලියානු මුහුදු ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

මෙම ද‍්‍රවිඩ සරණාගතයන් පිරිස ශ‍්‍රී ලාංකිකයන් යෑයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නමුත් ඔස්ටේ‍්‍රලියානු රජය මේ සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් ප‍්‍රකාශ කර නැත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්