දැරිය මියගියත් මළ බව පිළිගන්නට අකමැති අපරිමිත මව් සෙනෙහස
තම දැරිය පස් කන්දකට යටවී මියගිය පසු මියගිය බව දැනදැනත් මළ බව පිළිගන්නට අකමැතිව ඇයව උණුසුම් කරමින් සිටි නූතන කිසාගෝතමියක වන් මවක ගැන ආරංචියක් පසුගියදා හැටන් නගරයෙන් වාර්තා වුණා. නායයාමක් නිසා හැටන් නගරය මැද දුම්රිය ස්ථානයට පිවිසෙන පාළම අසල වෙළඳසැල් පෙළක් මතට විශාල පස්කන්දක් කඩා වැටී තිබුණේ පසුගිය සිකුරාදාය. මෙම අවස්ථාවේ මෙම කඩ පේළියේ එක් වෙළඳසැලක නවාතැන් ගෙනසිටි මවක් හා ඇගේ දරු දෙදෙනා