බේරුවල කලබල මුවාවෙන් කඬේට ගිනි තැබූ ව්‍යාපාරිකයාව පොලිස් සුනඛයා ඉව කරලා
පසුගියදා බේරුවල ඇතිවූ ජාතිවාදී කලකෝලාහල පරිසරයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතූ ව්‍යාපාරිකයෙකු රක්ෂණ වන්දි ලබාගන්නට සිතා තමන්ගේ ව්‍යාපාරික ස්ථානය තමන් විසින්ම ගිනිතබාගන්නට ගොස් අතටම හසුවූ පුවතක් පෙරේදා බේරුවලින් වාර්තා වුණා.
මෙම සැකය ඇතිව තිබෙන්නේ පොලිස් සුනඛ ග්රෙරෝගේ ඉව ඔස්සේය.
පෙට්‍රල් බෝම්බයක් පිපිරීමෙන් පෙරේදා රාත්‍රි බේරුවල අඹේපිටිය හන්දියේ වෙළෙඳසලක ගබඩාවක් ගිනි ගැනීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොව සැලසුම් සහගතව
කළ ගිනි තැබීමක් බව පොලිසිය මේ අනුව සැකකරනවා.
අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඞ් සිද්දික් මොහොමඞ් අලී මහතා පෙරේදා රාත්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කළා.
පරීක්ෂණ සඳහා ගිය ගේ‍්‍රරෝ නමැති පොලිස් සුනඛයා වෙළෙඳසල පරීක්ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළ`ග නතර වූ බවද වාර්තා වුණා. ගින්නෙන් හානි වූ ස්ථානයේ පත්තර හා කාඞ්බෝඞ් පමණක් ගබඩා කර තිබී ඇති අතර වටිනා දේවල් අවම විය.
මෙම ගින්න සහ පැමිණිල්ල ගැන සැකයක් මතු වී ඇතැයි ද පොලිස් සුනඛයා පැමිණිලිකරු ළ`ග නැවතීම නිසා මෙම වෙළෙඳසල ගිනි ගත්තාද, නැතහොත් ගිනි තැබුවාද යන්න ගැන පරීක්ෂණයක් පවත්වන බව ද කළුතර පොලිසිය සඳහන් කරනවා.
තොරතුරු - විජයසිරි විද්‍යාසේකර