අධිවේගී බස්රථයේදී සරසවි සිසුවියගේ පපුවට අතවදින්න තබාගත් තරුණයා මහරගමින් බසිද්දී පොලිසියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක නැගී මහරගම බලා එමින් සිටි විශ්වවිද්‍යාල සිසුවියකට අතවරයක් කරන්නට තැත් කළ තරුණයෙකු එම සිසුවියගේ සූක්ෂ්ම උපාය මත පොලිසියට කොටු කරදෙන්නට හැකිවූ පුවතක් ඊයේ වාර්තා වුණා.
මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකි.ඇය පෙරේදා 18දා සවස සිය නිවෙසේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක නැගී ඇත්තේ මහරගමින් බැස
විශ්වවිද්‍යාලයට යෑම සඳහාය.
අධිවේගයේ ගමන් කරන බස් රථයේ ඇය අසුන්ගත් අසුනේ අනෙක් පැත්තේ සිටි පිරිමි පුද්ගලයා ඇය දෙස වරින්වර බලන ආකාරය
ඇයට සැක ඇතිකරවන සුළුවී තිබුණා.

ඔහු තමා හා කිසිවක් නොදොඩාම අසුනේ තමා දෙස හැරෙන ආකාරය ඇයට තරමක අමුත්තක් වුණා. එසේ එන විට එම පුද්ගලයා කීප අවස්ථාවකදීම ඔහුගේ අත තමාගේ පපු පෙදෙසේ වදිනා සේ තබාගෙන සිටි නිසා ඇය එම පුද්ගලයාට කියා ඇත්තේ කරුණාකර මේ විදිහට අතතියන්න එපා මට නිදහසේ යන්න දෙන්න යනුවෙනි. නමුත් එසේ කියන විට ඔහු සිනාසුණා පමණය.


කීප අවස්ථාවකදීම තමා ඔහුගේ අත ඉවත් කළත් ගණන් ගන්න එපා නංගී යයි පවසමින් ඔහු නොකඩවා එම ක‍්‍රියාව සිදුකර තිබුණා. බස් රථයේ යන අතර වරින්වර මෙම සිසුවියගේ පෙම්වතා ඇයට ජංගම දුරකථන ඇමතුම් ලබාදී තිබුණ අතර මෙම ගැටලූව ගැනද තම පෙම්වතාව රහසින් දැනුවත් කරන්නට ඇයට හැකිවුණා. පෙම්වතා කියා ඇත්තේ බස් එකේ කලබල කරන්න එපා එහෙම වුණොත්  ඕකා පැනල යාවි. ඔයා සද්ද නැතිව මහරගමට එන්න ඉතිරු හරිය මං බලාගන්නම් යනුවෙනි.

පසුව ඇය පැමිණි බස් රථය මහරගම නගරයේ නැවැත්වූ අවස්ථාවේ ඇගේ පෙම්වතා පොලිසිය සමග පැමිණ සැකකාර පුද්ගලයා අල්ලාගෙන ගොස් මහරගම පොලිසියට බාරදී තිබුණා. රුක්ගහතැන්න, කොටියාකුඹුර ප‍්‍රදේශයේ පදිංචි ඩබ්. ප‍්‍රියන්ත පද්මකුමාර හපුදෙණිය නමැත්තෙකු මෙම අතවර ප‍්‍රයත්නයේ සැකකරුයි.
සිද්ධියට අදාළ සිසුවිය මහරගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහුව ඊයේ නුගේගොඩ අධිකරණයේදී ඇප මත මුදාහැරියේ රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මතයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක