පානදුර නෝලිමිට් සීසීටීවී සොෆ්ට්වෙයාර් බාගෙට පිච්චිලා


පාණදුර නෝලිමිට් රෙදිපිළි වෙළෙඳසලේ ගින්න කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද සාපරාධී ක‍්‍රියාවක්ද යම් ආකාරයක විදුලි පරිපථ දෝෂයක්ද එසේ නැතහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවක්ද යන්න ගැන සෙවීමට පොලිසිය හා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
පෙරේදා එම ආයතනය ගිනි ගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සේවකයන් හතරදෙනකු සහ පහත මාලයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුද සිට
ඇති බව හෙළි වී තිබේ.
එහි සිටි සේවකයකු පවසා ඇත්තේ එක් වරම සිවිලිම තුළින් ගින්නක් මතු වී ඇති බවයිග
එම ආයතනය අවට ආවේෂණ කැමරා 24ක් පමණ සවි කර තිබූ අතර එම කැමරාවල අඩක් පිලිස්සුණ මෘදුකාංගවලින් සැක කටයුතු යමක් හෙළි කර ගැනීම සඳහා ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශ වෙත යවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා අද යළි කැඳවා තිබේ.
මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා හර්තාල් හේතුවෙන් කොළඹ අවට ප‍්‍රදේශවල මුස්ලිම් ජාතිකයන් වෙළෙඳසල් වසා තිබුණ අතර වසා නොතිබුණ වෙළෙඳසල් වෙත ගොස් ඇති කිසියම් කණ්ඩායමක් ඒවා විවෘත කර තැබීම ගැන යම් යම් පණිවුඩ දී ඇති බව හෙළි වී තිබේ.
විශේෂයෙන් වැල්ලවත්තල දෙහිවල ප‍්‍රදේශවල තිබූ නෝලිමිට් වෙළෙඳ සල්වලටද එම පිරිස් ගොස් ඇති අතර එම කණ්ඩායමට අයත් මුස්ලිම් ජාතික සැකකරුවන් පස්දෙනකු ත‍්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක්ද සමග රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
එම කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවකු සෙවීමට රහස් පොලිස් කණ්ඩායමක් යොදවා තිබේග සැකකරුවන් ආ ගිය තැන් පිළිබඳව ආවේෂණ කැමරා පද්ධතිවලද සටහන් වී ඇති බව පොලිසිය පැවසීය.
මේ සැකකටයුතු පිරිස මාලිගාවත්ත ප‍්‍රදේශයේ පළාත් සභා මන්ත‍්‍රිවරයකුගේ කාර්යාලයේ සිට පිටත්ව ගිය බවට හෙළි වී ඇති තොරතුරු පිළිබඳවද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තොරතුරු - පේ‍්‍රමලාල් විජේරත්න

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක