Posts

Showing posts from April, 2015

හම්බන්තොට වෙරළ පාගන්න ගිය කොළඹ පවුලේ ඛේදවාචකය බිරිය හා දරු තිදෙනා ගසාගෙන ගොස් මරුට සැමියා ඉතිරි වෙයි

Image
රළ පෑගීමට ගිය එකම පවුලේ සිවු දෙනෙක් මුහුදට බිලිවීමේ ඛේදවාචකයක් හම්බන්තොට මුහුදු තීරයෙන් වාර්තා වනවා. කොළඹ කොටහේනේ පදිංචි මුස්ලිම් ජාතික පවුලක සැමියා ඉතිරිව සිටියදී බිරිය සහ දරු තිදෙනා මෙම අනතුරින් මියගියා.

නේපාල භූමි කම්පනයෙන් මියගිය ගණන 2000 කට ආසන්නයි කඳු නගින්න ගිය Google ලොක්කෙකුත් මැරිලා

Image
ඊයේ උදෑසන නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිර දෙසින් සිදු වූ භූ කම්පනයෙන් මේ වනවිට 2000කට ආසන්න පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලත් පිරිස 6500 ක් පමණ වෙයි.අතුරුදන් පිරිස ඊටත් වැඩිය.

අරුණි රාජපක්ෂ විවාහ ගිවිස ගනී

Image
නවක සිනමා නිළි හා නිරූපිකා අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඇය අතගත්තේ එංගලන්තයේ වාසය කරන ශ‍්‍රී ලාංකික නලින් සමරවික‍්‍රම සමගයි. ගල්කිස්සේ ෂ්රෝ බයි  ඕ සමුද්‍ර හෝටලයේ චාම් ලෙස පැවති උත්සවයට එක්වූයේ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු පමණි. කලාකරුවන්ගේද සහභාගීත්වයෙන් පවත්වන විවාහ මංගල සාදය ඉදිරි දිනයකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Pix By- Suren Abeysundara Dress - Michale Wijesuriya, Cards - Younma Bandara ,Decor- Kandiyan flora (Indrajith) Location- Shore By O Mount Lavinia

බැසිල් මල්ලීගේ පපුවෙ අමාරුව බලන්න මහින්ද අයියා රෝහලේ

Image
තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ බැලීමට  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවට ගියා.

ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයේදී අඹුසැමියන් ලෙස හැසිරීමෙන් පසු මියගිය පිරිසිඳුකරන්නිය ඝාතනය කළේ වසර 10 ක් තිස්සේ හොරෙන් හමුවූ අනියම් සැමියාද? මුරකරුද?

Image
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයක් තුළ මියගොස් සිටියදී පසුගියදා හමුවූ කාන්තාව මරා දමා ඇති අය ගැන පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ අනියම් පෙම්වතෙකු හා විදුහලේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට පත්වූ නමුත් ඇයව මරා දමා ඇත්තේ කවුද යන්න තවමත් අභිරහසක්ව පවතී.

ගින්දරී වෙනුවෙන් බර කිලෝ 6 කින් අඩු කලා - පබෝධා

Image
බහුබූතයෝ චිත‍්‍රපටයේ අමතක නොවන චරිතයක් රඟපාපු පබෝධා, කාලෙකට පස්සේ බහුබූතයෝ දෙවැනි කොටස ගින්දරී චිත‍්‍රපටයෙන් නැවතත් ඒ චරිතයට පණදෙනවා. කොහොමද බහුබූතයෝ නවත්වපු තැනින් ආයෙමත් වැඩ පටන්ගත්තේ?

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති

Image
ඊයේ රාත‍්‍රී ජාතිය ඇමතු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමා ලබාදුන් මාධ්‍ය නිදහස  ගැන මෙසේ සඳහන් කළා.

පියුමිගේ දෙවන විවාහය පලාත්සභා මන්ත‍්‍රී එක්ක

Image
ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු ඇගේ දෙවන විවාහය පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සමග ළඟදිම සිදු කරන්නට යන බව වාර්තා වනවා. ඇය කියා සටින්නේ අවසන් මොහොත වනතුරු ඔහු කවුදැයි හෙලි කරන්නට බැරි බවයි.

අල්ලස් කොමිසමට එරෙහි අත්සන් 111 ලියවිල්ල 116 ක් වුනේ සනත් ජයසූරියට ඉලක්කම් වැරදීම නිසා

Image
පසුගියදා පාර්ලිමේන්තුවේදී වර්ජනයක නිරතවූ මන්ත‍්‍රීවරුන් කණ්ඩායම අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට සිය විරෝධය පළකරමින් අත්සන් 116 ක ලියවිල්ලක් ලබාදුන් බව පැවසුණත් එහි ඇත්තටම

ගෝඨාභය ඊයේ අල්ලස් කොමිසමේදී ‘මට මතක නෑ’ කියලා

Image
මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක් පිළිබඳව ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්ෂක ලේකම්

කරුණු හරියට දන්වනකං අල්ලස් කොමිසම මෙහෙ එන්න එපා- මහින්ද දන්වයි

Image
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමාගෙන් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්දැයි යන්න පැහැදිලිව දැනුම් දී නොමැති හෙයින් අද (24) ප‍්‍රකාශයක්

දූෂිතයන් වෙනුවෙන් කෑගසන්නේ ඔවුන්ගෙන් වාසි ගත් අයයි

Image
දූෂිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන විට ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්නේත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේත් දූෂිතයන්ගෙන් වාසි ලබාගත් අය බව මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

පබා මාලනී සනත් බුද්ධික නාමල් කැටගොඩ පෙරේදායින් පසු 69 දෙනෙකුට පෙන්ෂන් පඩි පාර්ලිමේන්තු නයිටේදී විස්කි බීපු අය ගැනත් පරීක්ෂණ

Image
2010 මැතිවරණයෙන් ජනතා නියෝජිතයින් බවට පත්වූ පාර්ලිමේන්තුවේ නවක මන්ත‍්‍රීවරුන් 69 දෙනෙකු පෙරේදා 22 වනදායින් පසු වසර 5 සම්පූර්ණ කළ අතර මේ හේතුවෙන් ජීවිත කාලය පුරා ලැබෙන වරප‍්‍රසාදිත පාර්ලිමේන්තු පෙන්ෂන් පඩිය

මෛත‍්‍රිගෙ කතාව මහින්ද කණේ ඇඟිලි ගහන් අහන් ඉඳලා (සිකුරාදා කාටූන්)

Image

බැසිල් ඇතුළු තිදෙනාටම එක්වරම පපුවෙ අමාරුව - මිලියන 2100 වංචාවට බැසිල් හිරේ එක්ස්පීරියන්ස් ගත්තට කමක් නෑ - මහින්ද

Image
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලේ සිටියදී ඊයේ සවස හදිසියේ දන්වා සිටියේ තමන්ට පපුවෙ අමාරුවක් වැළඳුන බවයි.

බැසිල්ට හදිසි හෘදයාබාධයක් නිසා ජාතික රෝහලට මාරු කරයි

Image
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පසු ගෙන ගියේ බන්ධනාගාර රෝහලටය. එහි සිටියදී අද සවස ඔහු නැවත අසනීප

අදින් දින 100 ඉවරයි - රෑට ජනපති කථා කරයි

Image
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ සඳහා වෙන් කළ කාලය අදින් (23දා) අවසන් වේ.

පාර්ලිමේන්තු නිදිවර්ජිත රාත‍්‍රියේ නෑසුණු රස කතා

Image
    පබායි මාලිනියි කලිසමෙන් ඇවිත් කාඞ් ගහලා     වයසක මන්ත‍්‍රීවරු ප‍්‍රථම පේ‍්‍රමය ගැන කියලා     විමල් හෙළ ජාතික අභිමානේ ගයලා     2.30 ට ඔක්කොම බුදිලූ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට මහින්ද වෙනුවෙන් මන්ත‍්‍රිවරුන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ නිදිවර්ජිත උපවාසය පසුගිය සඳුදා  පැය 23ක කාලයක් පැවතුණා.

බැසිල් උසාවියෙන් බන්ධනාගාරයට රැගෙන යද්දී කෑගැසූ ජනතාව අධිකරණයට හූ කියූ හැටි video

Image
ඊයේ රාත‍්‍රී කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට සියයක පමණ ගම්පහ ආධාර කරුවන් පිරිසක් රැස්ව සිටියා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අධිකරණ කටයුත්ත නිමකර බන්ධනාගාර බසයේ නැගී

මේක වැරදියි මම හොඳින් වැඩකරපු නිලධාරියෙක් - ගෝඨාභය කියයි

Image
තමන් හොඳින් වැඩ කළ රජයේ නිලධාරියෙකු බවත්, තමන්ටත් මේ ආකාරයෙන් චෝදනා එල්ල කරනවානම් අනිත් රාජ්‍ය නිලධාරීන්ද හොඳින් වැඩ

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

Image
අද අල්ලස් කොමිසම අසළ ොග්ඨාභය රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කිරීමට එරෙහි උද්ඝෝෂණය අවස්ථාවට ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී බන්දුල පද්මකුමාරද එක්ව සිටියා.

ලංකාවේ සෑම නගරයකටම මංතීරු නීතිය තදින්

Image
ඉදිරියේදී දිවයිනේ සෑම නගරයකම මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව මෙන්ම රථවාහන කළමණාකරණය පිළිබඳ රැස්වීමක් අද (23දා)

අල්ලස් කොමිසම ළඟ උද්ඝෝෂණය ගෝඨාට හිරිහැර කරන්නෙ එල්ටීටීඊ උවමනාවට - බන්දුල දින 100 සමරන්නෙ මේකෙන් - ඩලස්

Image
ගෝඨාභය රාජපක්ෂ මින් ටික වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහුව අද අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පෑමට උදය ගම්මංපිල ප‍්‍රමුඛ පිරිස් සංවිධානය කර තිබෙන

ගෝඨා අද අල්ලස් කොමිසමට

Image
රක්නා ලංකා සමාගම සහ ඇවන්ඞ්ගාඞ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමකට අනුව අද

අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ තහනම්

Image
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට අද (23) දිනයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ

රටින් යද්දි නරියා එද්දි සිංහයට මොකද වුනේ? (බ‍්‍රහස්. කාටූන්)

Image

උසාවි යන්න බෑ කියල බැසිල් අදිමදි කළාලූ අසනීප කිවූ නිසා බැසිල් බන්ධනාගාර රෝහලට පාර්ලිමේන්තු යන්නත් හැකියි

Image
ලංකාවේ දේශපාලකයින් බොහෝ දෙනෙකු පොලිසියට හසුවීමේදී ඇතිවන ශාරීරික රෝගාබාධ තත්වයන් බැසිල් රාජපක්ෂ හා හිතවතුන්ටද වැළඳ තිබෙනවා. ඊයේ (22දා) රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු අමාත්‍යවරයා

බැසිල් රිමාන්ඞ් දින 12 ක් වැලිකඩ

Image
ඊයේ සවස අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ රාත‍්‍රී 9.35 ට පමණ කඩුවෙල මහේස්ත‍්‍රාත් උසාවියට රැගෙන එනු ලැබුවා.

බැසිල් අත්අඩංගුවට

Image
6.00 pm හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද සවස 5 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

දානෙ ගෙදර අල හොද්දට වැටි අවුරුදු 2 දරුවෙකු අවාසනාවන්ත ලෙස මියයයි

Image
වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දානේ ගෙදරක සූදානම් කර තිබුණ උණුසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ගිරාදුරුකෝට්ටේ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

රාගය කියන්නෙ මොකක්ද අනේ..මං නං දන්නෑ - ශේෂාද්‍රි

Image
ඔබේ නම? ශ්‍රේෂාද්‍රි ප‍්‍රියසාද් ද සිල්වා වෙනත් නම්? ෂැඩෝ,සුදු නෝනා,සුද්දි,ශෙස්,ශේ,ශේදි

නව මැතිවරණ යෝජනාව ශ‍්‍රිලනිප ඇමති කෙනෙකුගෙන් අද කැබිනට් මණ්ඩලයට

Image
යෝජනා කිරීමට නියමිත මැතිවරණ ක‍්‍රම සංශෝධනය අද 22 බදාදා රැස්වන කැබිනට් මණ්ඩගයට ඉදිරිපත් කිරීමට නියමිතය. එය ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු කැබිනට් මණ්ඩලයට යෝජනා කරනු ඇත.

බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට

Image
දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අයථා භාවිතය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි විමර්ශනය කිරීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂව

වෙලේ සුදා එක්ක අපි නෙමෙයි හිටියේ - සේමිණී සහ ලෝචනා මාධ්‍ය සාකච්ඡාවක

Image
දැනට අත්අඩංගුවේ පසුවන සුප‍්‍රකට මත්කුඩු ව්‍යාපාරික වෙලේ සුදා හෙළි කළ කරුණු පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විශාල ප‍්‍රසිද්ධියක් සහිතව පළවෙද්දී ඔහුගේ කුඩු ජාවාරමට උදව් කළ ප‍්‍රකට ටෙලි නිළියන් 6 දෙනෙකු සිටි බවටද ආරංචියක් ප‍්‍රචාරය වී තිබුණා.

සිල්රෙදි ප‍්‍රශ්නෙට පොලිස් මූල්‍ය අපරාධ එකකයෙන් ලලිත් වීරතුංග ප‍්‍රශ්න කරයි

Image
ජනපති මහින්දගේ ප‍්‍රචාරයට විදුලි සන්දේශන නියාමන කොමිෂම සතු කෝටි 60 ක මුදලින් සිල් රෙදි ප‍්‍රදානය කිරීමේ සිදුවීමක් ගැන එවක විදුලි

පාර්ලිමේන්තුවේ නයිට ගැහීම හා 19 අතර සම්බන්ධයක් නෑ - බන්දුල

Image
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙරේදා (20 වැනිදා) රාත‍්‍රියේ සිට ඊයේ (21 වැනිදා) උදෑසන දක්වා පාර්ලිමේන්තු සභා ගර්භයේ නිදිවර්ජිතව සිදුකළ උද්ඝෝෂණයත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් අතර කිසිදු

මාධ්‍යවේදී ඞී. එෆ්. කාරියකරවන සමුගනී

Image
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඞී. එෆ්. කාරියකරවන මහතා ඊයේ දිවියෙන් සමුගත්තේය. මිය යනවිට ඔහු 94 වන වියේ සිටියේය.

මෛත‍්‍රී-මහින්ද දෙන්නම සාකච්ඡාවකට එකඟවෙලා

Image
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සඳහා පොදු එකඟතාවක් ඇති වී තිබෙන බව එජනිස පාර්ලිමේන්තු

බැසිල් ආයෙ පොලිටික්ස් වලට එන්නෑලූ ගෝඨා එන්නෙ වෙනමලූ

Image
ඊයේ දිවයිනට පැමිණි හිටපු ජනපති සොයුරු හා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ නැවත දේශපාලනයට සම්බන්ධ නොවනු අතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි හෙලි කරනවා.

මහින්දගෙ දිය යටින් ගින්දර (බදාදා කාටූන්)

Image

බැරිනං අපිට දීල යන්න - මහින්ද ඉල්ලයි

Image
ඊයේ හේනේගම ජෙයරාඡ් ප‍්‍රනාන්දු පුල්ලේ දම්සක් විහාරයේ හා ගැඬුමාන සදහම් විහාරයේ පැවැති ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා පහත අදහස් පළ කර ඇත.

බැසිල් ආවා නේදැයි මහින්දගෙන් ඇසූ විට දන් නෑ කියලා

Image
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බව තමන් නොදන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

චන්දිමාල් - ඉසිකා 13 අවුරුදු පේ‍්‍රමය 1 වනදා සඵලවෙයි

Image
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ දීර්ඝකාලීන පේ‍්‍රමය ලබන 1 වනදා සඵල වන බව වාර්තා වනවා. ඔවුන් විවාහ වන්නට යන සුබ ආරංචිය ක‍්‍රිකට් ලෝලීන්ට තාම හෙළි කර නැත.දිනේෂ් චන්දිමාල් අතගන්නට යන්නේ ඉසිකා ජයසේකරයි.

බැසිල් පිලිගන්න ආපු පිල්ලෙයාන් එයාර්පෝට් එකේ සිටි හැටි

Image
ජනපතිවරණ පරාජයෙන් පසු ලංකාවෙන් අප‍්‍රසිද්ධියේ පිටව ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගන්නට නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ගොස් සිටියා.

බැසිල් පැමිණි හැටි (ඡායාරූප හා වීඩියෝ)

Image
අද දහවල් 1.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිනි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පිළිගැනීමට බස්නාහිර පළාත් ඇමති නිමල්

බැසිල් අද 1.45 ට ලංකාවේ ඇරෙස්ට් කිරිලි වෙනුවට පිළිගැනීමේ උත්සව

Image
හිටපු ජනපති මහින්දගේ සොයුරු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පස්වරු 1.45 ට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ඩුබායි සිට පැමිණෙන ඊ.කේ. 348 එමිරේට්ස් ගුවන් යානයකිනි.

වර්ජනය අවසන් මහින්ද නොයා අල්ලස් කොමිසම මහින්ද ගාවට යන්න කැමතිවී ප‍්‍රශ්නය විසඳේ

Image
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව ඊයේ සහ අද පැවති විරෝධතා නවතා දමන්නට එම විරෝධතාකරුවන් මින් ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී එකඟවී තිබෙනවා.

සරම් ගහගෙන කැෂුවල් ඇඳන් ඇවිත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කැඩුවාලූ

Image
මන්ත‍්‍රීවරු අසම්පූර්ණ ඇඳුමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැයක් ගතකිරීම මගින් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩකිරීම පාර්ලිමේන්තු ඉතිහාසයට

ඊයේ රෑ පාර්ලිමේන්තු සේවකයින් ගෙනා මත්පැන් ගැන රවි කතාවට ගොස් නැවතත් ඇතුළේ විරෝධතා

Image
ගම්මංපිලයි ප‍්‍රසන්නයි සමන්මලීයි පියසිරියි කට්ටිය ගෙනත් එළියෙත් විරෝධතා ඊයේ රාත‍්‍රී පහන් වනතුරු පාර්ලිමේන්තු සභාගැබේ රැඳී සිටිමින් මහින්ද හිතවාදී එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගෙන ගිය විරෝධතාවය අද නව මුහුණුවරකට හැරෙමින් පාර්ලිමේන්තුව උදෑසන රැස්වූ අවස්ථාවේත් කතාබහක් ඇති කළා.

මහ රෑ කස්ටිය කථාවට සෙට්වෙලා - නාමල් පොරෝගෙන බුදි

Image
ඊයේ රාත‍්‍රී පාර්ලිමේන්තුව මධ්‍යයේ සත්‍යග‍්‍රහයක නිරතවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිස අතර