අන්තර්ජාලයෙන් ලක්ෂ ගණන් මුදල් උපයන හැටි කියා දුන් අම්බලන්තොට ‘පැනෝරා’ හිමිකරු සැගව සිටියදී අත්අඩංගුවට

අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක‍්‍රම හඳුන්වාදෙමින් නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය අමිබලන්තොට නගරයේ පැනෝරා වෙළෙඳ දැන්වීම් නමැති මුල්‍ය ආයතනයේ හිමිකරු බව කියන 33 හැවිරිදි ජයසිංහ මහවඩිගේ සෝමලාල් නමැත්තා ඊයේ රාත‍්‍රී සැ`ගව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.
රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචාකළ බව කියන ඔහු ගනුදෙනුකරුවන් මගහැරීම නිසා පසුගිය කාලයේ උද්ඝෝෂණ පැවති අතර රටින් පැන ඇතැයි ආරංචි තිබුණ ඔහු අමිබලන්තොට ප‍්‍රදේශයෙන් පැනවිත්
කොළඹට ආසන්න ප‍්‍රදේශයක සිටියදී තංගල්ල  කොටිඨාස විමර්ශන ඒකකය මගින් ඊයේ රාති‍්‍ර අත්අඩංගූවට ගෙන ඇත’ ඔහු අද දින  හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත’
මෙම සැකකරුට විරුද්ධව එම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ 226 දෙනෙකු අමිබලන්තොට  පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් පැමිණිලි කර නොමැති සංඛ්‍යාව මීටත් වඩා වැඩි බවත් වාර්තා වනවා.
සැකකරු භාරයේ තිබූ ඉන්ටකූලර් වර්ගයේ ජීප් රථයක් හා ඩොල්ෆින් වෑන් රථයක් අත්අඩංගූවට ගත් අතර මෙසේ අත්අඩංගූවට ගෙන ඇත’ තංගල්ල අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි’
තිස්සමහාරාමයේ ලූමිනස් නමින් පවත්වාගෙන ගොස් ප‍්‍රශ්න වලට මැදිවූ කණ්ඩායමේ සිටි ජයසිංහ මහවඩිගේ සෝමලාල් පසුගිය 2013 වසර මැද අම්බලන්තොට වලව ප‍්‍රදේශයේ ආරම්භ කරන ලද පැනෝරා ආයතනයට 20,000 කට අධික පිරිසක් සාමාජිකත්වය ලබාගෙන තිබෙන අතර විවිධ පැකේජ යටතේ අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් ක්ලික් කර එම සේවය වෙනුවෙන් මසකට රුපියල් 20,000 ත්, රුපියල් 40,000 ත් අතර මුදලක් උපයන්නට  එම සාමාජිකයින්ට අවස්ථාව උදාකර තිබුණා.
කෙසේ වෙතත් එම මුදල් එක්වරම ගෙවීමට උනන්දු නොවුණ සෝමලාල් එම ආදායම් ඉපැයීමේ ක‍්‍රමයට ඔහුට ලැබෙන මුදල් තමන්ගේ ගිණුම් වල තැන්පත් කරගෙන සාමාජිකයින් මග හැර තිබුණා.
මාස ගණනාවකින් පොරොන්දු ප‍්‍රකාර ආදායම නොලබන විට සාමාජිකයින් ආයතනය මෙසායා ආ අතර ඒ වනවිට සෝමලාල් එම ආයතනයේ ප‍්‍රධාන කාර්යාලයේද බඳගිරියේ ඔහුගේ නිවසින්ද අතුරුදන් වී සිටියා.
ජනතා පැමිණිලි ලැබුණ පසු මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අංශ පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබුණ අතර පසුව මොවුන් මෙම ආයතන රජයේ නීත්‍යනුකූලව ලියාපදිංචි කළ, බදු ගෙවන ව්‍යාපාර සමාගම් ලෙස පවත්වාගෙන යන්නට කටයුතු කරා.
පසුගිය දෙසැම්බර මාසයේ පැනෝරා හි සාමාජිකයන් ඔහුගේ කාර්යාලයට පැමිණ මුදල් ඉල්ලා කරදර කල අවස්ථාවේ එහි දුරකථනයකට කතාකොට ලවුඞ් ස්පීකර් ඔන් කොට මහ බැංකුවේ පරීක්ෂණ ඉවර වූ වහාම මුදල් ගෙවන බවට පොරොන්දු වෙමින් සාමාජිකයින් රැුවටීමට භාජනය කරන්නටත් ඔහු ක‍්‍රියා කළත් මාස 6 ක් ගතවීත් එම ගෙවීම් හරියාකාරව සිදු කර තිබුනේ නැත.
මේ ලෙස රැුස් කරගෙන තිබෙන මුදලින් පැනෝරා ඇඞ්වයිසින් ආයතනය මේ වන විට සමුහ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර ඔවුන් සතුව සුපිරි වෙළඳසැල් ජාලයක්, ඉන්ධන පිරවුම්හල්, වී මෝල් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවතින බව වාර්තාවී තිබුණා.
සෝමලාල්ට ඩිෆෙන්ඩර් රථයක් , ජීප් රථයක්, ඩොල්ෆින් වෑන් රථයක්, හොන්ඩා හයිබි‍්‍රඞ් රථයක් තිබෙනවා.
කෝටි 15 ක වංචාව සම්බන්ධයෙන් සැකපිට ඊයේ රාති‍්‍ර අත්අඩංගූවට ගෙන ඇති මහවඩිගේ සෝමලාල් අද දින හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක