කාර් ජාවාරමට සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට

කුලී පදනම මත ලබාගන්නා සුඛෝපභෝගී වාහන සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර ඒවා හොර රහසේම අලෙවි කිරීමේ ජාවාරමක්‌ කරගෙන ගිය හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සහ ව්‍යාපාරිකයකු ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගත් මිරිහාන පොලිසිය ඔවුන් විසින් සොරාගෙන විකිණූ රුපියල් කෝටි දහයක වාහන ද සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු පොල්ගස්‌ඕවිට පදිංචි 43 හැවිරිදි විදානපතිරණ හරේන්ද්‍ර නමැති අයෙකි.

අනෙක්‌ සැකකරු හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු වන 39 හැවිරිදි එච්. බී. බන්දුල වික්‍රමරත්නය.

අත්අඩංගුවට ගත් වාහන අතර මෝටර් රථ, ඩොල්µsන් වෑන් රථ, ලොරි රථ, ඩබල් කැබ් හා යතුරුපැදි දෙකක්‌ සමග ප්‍රධාන සැකකරු සන්තකයේ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්‌ ද තිබී සොයාගෙන ඇත.

මහනුවර, නුවරඑළිය, හා මාලබේ යන ප්‍රදේශවල වාහන කුලී රථ සේවා ආයතනවල තිබී මෙම වාහන සොයා ගත් බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගන්නා වාහනවල ලිපිලේඛන වෙනස්‌ කර ඒවායේ හිමිකරුවන්ගේ හැඳුනුම්පත්වල තමාගේ ඡායාරූප අලවා ඉතා සූක්‍ෂම ලෙස මෙම ජාවාරම කරගෙන ගොස්‌ තිබේ.

ප්‍රධාන සැකකරු විසින් පිළියන්දල මංගල උත්සවයකදී හඳුනාගනු ලැබූ මන්ත්‍රීවරයාට මුසා බස්‌ පවසා මෙම ජාවාරමට පොළඹවාගෙන ඇති බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයා එතෙක්‌ පවත්වාගෙන ආ රත්‍රං බඩු උකස්‌ ගැනීම නතර කර රුපියල් එක්‌කෝටි විසිඅටලක්‍ෂයක්‌ වටිනා වාහන ප්‍රධාන සැකකරුගෙන් උකසට ලබාගෙන ජාවාරමේ යෙදී ඇති බව හෙළිවී ඇත.

ප්‍රධාන සැකකරුට ලිපිලේඛන වෙනස්‌ කිරීම සඳහා සහාය වූ බව කියන යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ප්‍රධාන සැකකරු පැය 72 රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන අතර සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඊයේ නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ  වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මේ අතර සැකකාර හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඊයේ සවස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, උපාලි වෛද්‍යජීවක, ඥනතිස්‌ස ජයවර්ධන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක