මුරලි ඕස්ටේ‍්‍රලියාවේ දඟපන්දු පුහුණු තනතුරේ වැඩභාරගත්තේ ලංකාවේ පුහුණුකරුවෙකු වෙන්න අකමැත්තෙන්ද?


ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන්ට තරමක විස්මයක් ඇතිකරන පුවතක් ඊයේ වාර්තා වුණා. ඒ ලංකාවෙන් බිහිවූ විශ්ෂ්ට පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් ඔස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම සමග එක්වීමයි. ඔහු එරට නවතම ද`ග පන්දු උපදේශකවරයාය.
මුරලිදරන්ගේ පන්දුයැවීම ‘චක් කිරීමක්’ ලෙස දෙතුන්වර චෝදනා කරමින් ඔහුට ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගන්නට බලකරන ලද  ඕස්ටේ‍්‍රලියාව දෛවයේ සරදමකට මෙන් දැන් ඔවුනගේ ද`ගපන්දු යැවීම පුහුණුව භාරදී ඇත්තේ මුරලිටය.
ඔස්ටෙ‍්‍රලියා ක‍්‍රිකට් ආයතනය පවසා ඇත්තේ
ද`ගපන්දුවෙන් ලොව මවිත කළ නිසා මුරලිට මේ තනතුර පිරිනැමූ බවයි.දගපන්දු යවන්නන් පුහුණු කරවීමට අමතරව දගපන්දු යවන්නන්ට මුහුණ දීම සඳහා පිතිකරුවන් පුහුණු කරවීම ද
මුරලිගේ කාර්යභාරයේ කොටසකි.
ඔස්ටෙ‍්‍රලියානු ක‍්‍රිකට් පුහුණු නිල ඇඳුම ඇඳගෙන මාධ්‍ය වෙත පැමිණි මුරලිදරන් ප‍්‍රකාශ කර ඇත්තේ ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායමේ උපදේශකයෙකු වීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවත් සිය කැපවීම තුළින් ඔස්ටෙ‍්‍රලියානු කණ්ඩායමේ දක්ෂතා වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ටෙස්ට් දිවියෙන් විශ‍්‍රාම ගත් මුරලි ලංකාවට මේ

ආකාරයේ සේවයක් කරන්නට ඉදිරිපත් වුණා නම් තවත් හොඳය. ඔහු එසේ නොකළේ මන්ද? ඔහු තෝරාගන්නේ නැති නිසාද නැතිනම් අකමැත්තක් නිසාද? පසුගිය ජනවාරි 5 වනදා සිළුමිණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවකදී මුරලි ඒ ගැන පිළිතුරු දි තිබුනේ මෙසේය.

අපේ කණ්ඩායමට පුහුණුකරුවකු, උපදේශකයකු වෙන්න ඔබේ අදහසක් නැද්ද?

‘මගේ එච්චර කැමැත්තක් නැහැ. අනික මට  ඕවට වේලාවකුත් නැහැ.’

එවැන්නකට ඉල්ලීමක් ආවොත්?

‘මං කැමැති නැහැ. මං ආසා නැහැ’

1995දී මුරලිදරන්  පන්දුව දමාගසන බවට  ඕස්ටේ‍්‍රලියාවෙන් චෝදනා එල්ල වෙද්දී ඔහුව බේරාගන්නට මුල්වූයේ අර්ජුන රණතුංගයි. පසුගිය වසරේ පුවත්පත් සාකච්ඡුාවකදී අර්ජුන ඒ පැරණි මතකය යළි සිහිපත් කර තිබුනේ මෙසේය.

‘එදා මුරලිදරන් පන්දුව දමා ගසන බවට ඩැරල් හෙයාර් සංඥ කරන කොට මම හිටියෙ ඩෙ‍්‍රසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට එළියට ගිය වෙලාවෙ තමයි ඔය සිදුවීම ඇතිවුණේ. අරවින්ද තමයි ඒ වෙලාවෙ පිට්ටනියෙ හිටියෙ. සිදුවීම ඇති වුණ ගමන් මම පිට්ටනියට ගිහිල්ල නීතිය පැත්තෙන් මොකක්ද කරන්න  ඕන කියල කල්පනා කළා. මොකද නීතිය හරියට ක‍්‍රියාත්මක කළේ නැතිනම් මුරලි නැත්තටම නැති වෙන්නත් තිබුණා. එතනදි අපි මුරලිව පරිස්සම් කරල දෙපැත්තටම පන්දුව දාන්න මුරලිට උපදෙස් දුන්නා. එතනදි අපි පෙන්නුව මුළු ලෝකෙටම මුරලිට අසාධාරණයක් කරන්නෙ කියල.ල

අපි හුගක් ප්ලෑන් කරල මුරලිට කිව්ව විනිසුරුවරයාගේ පස්සෙන් ගිහිල්ල බෝල් කරන්න පාද`ග පන්දුවක් යවන්න කියල. සාමාන්‍යයෙන් පා ද`ග පන්දුවක් යවන කොට අත නමන්න බැහැ. තාක්ෂණය අනුවත් නිගමනයකට ඇවිල්ල තියෙනව පා දග පන්දුවක් දමල ගහන්න බැහැ කියල. ඉතින් මුරලි යවපු පා දගපන්දුවත් නෝ බෝල් කියල ඩැරල් හෙයාර් සංඥ කළා. පා දග පන්දුවට නෝ බෝල් කිව්වහම මම ගිහිල්ල කිව්වා මෙයා දැම්මෙ පා ද`ග පන්දුවක් ඒක කොහොමද දමල ගහනව කියල අල්ලන්නෙ කියල. ඒත් ඩැරල් හෙයාර් කිව්වෙ නැහැ මෙයා දැම්මෙ එහෙම බෝලයක් නෙමෙයි කියල. අපි මුළු ලෝකෙම දැක්ක රූපවාහිනී ප‍්‍රතිරූපණ වලිනුත් මුරලි යෑව්වෙ පා දග පන්දුවක් කියල.

ආයිත් 98 දිත් මුරලිට ඔය ප‍්‍රශ්නෙම ආවා. එතනදි ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක, විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා ඒ වගේම ක‍්‍රීඩා ඇමැතිව සිටි එස්.බී. දිසානායක මහත්තයා මට පෞද්ගලිකවම කතා කරල ඇහැව්ව මොනවද වෙන්න  ඕන කියල. ඒ දේශපාලන නායකයන් එදා මට කිව්ව  ඕන තීරණයක් අරන් දමල ගහල ආයිත් ලංකාවට එන්න කියන තැන හිටියා. ඒ කට්ටියට බයක් තිබ්බා මාව තහනම් කරයි කියල. බැරි වෙලාවත් එදා මාව තහනම් කළා නම් තරගාවලිය නවත්තල කණ්ඩායම සමග ලංකාවට එන්න කියල මට කිව්වා. අපිට අසාධාරණයක් වෙන වෙලාවෙ අපි තනියම නෙමෙයි කියන හැ`ගීම මට එතනදි ආවා.

එදා බැරිම තැන මම පිට්ටනියෙන් කණ්ඩායමත් එක්ක එළියට යන්න ආවා. හැබැයි හතරේ සීමාවෙන් එහාට කවුරුත් යන්න එපා කියල මම කට්ටියට කිව්වා. මොකද මට බයක් ආවා එදා අපි හැමෝම එළියට ගියානම් කට්ටියටම තරග තහනමක් එයි කියල. පස්සෙ මම විතරක් එළියට ගියා. එතකොට තහනම එන්නෙ මට විතරයිනෙ. ඇත්තටම මම එහෙම කළේ මේ අය වැරදි දෙයක් කරන්නෙ කියල ලෝකෙට පෙන්නන්න. ටෝනි ග්‍රෙග්, ඉයන් චැපල්, ඉයන් බොතම් වගේ විස්තර විචාරකයනුත් අපි වෙනුවෙන් කතා කළා. ඒකත් අපිට ශක්තියක් වුණා මේ ප‍්‍රශ්නයෙන් ගොඩ එන්න.

මුරලිගෙ ප‍්‍රශ්නෙත් එක්ක මට ප‍්‍රශ්න ගොඩාක් ආවා. අයි.සී.සී. එකෙන් ප‍්‍රශ්න ආවා. ඒ වෙලාවෙ මුරලි ඇවිල්ල මට කිව්වා අයියෙ මම ගෙදර යන්නම් අයියට මම නිසා ප‍්‍රශ්න ගොඩක් එනව කියල. එතනදි මම මුරලිට කිව්වෙ මට එන ප‍්‍රශ්න මම බලාගන්නම් ඔයා හොඳ මානසිකත්වයෙන් ශක්තිමත් වෙලා ඉන්න එතකොට මේ ප‍්‍රශ්නෙන් අපිට ගොඩ යන්න ලෙහෙසියි කියල.

මට තේරුණා මුරලිව මේ සිදුවීමත් එක්ක ගොඩාක් මානසිකව වැටිල කියල. කොහොම හරි ඊළග මැච් එකේදී අපි මුරලිව එළියෙන් තිබ්බා. පස්සෙ අතිරේක ක‍්‍රීඩකයකු විදිහට පන්දු රකින්න ගෙනාවා. ඒ විතරක් නෙමෙයි පිට්ටනියෙන් එහාදිත් අපි මුරලිත් එක්ක හිටියා. මම කොහේ හරි උත්සවයකට හරි යාළුවෙකුගෙ ගෙදර හරි යනවනම් මම මුරලිව එක්කගෙන යනව. අරවින්දත් ඒ දේ කළා. රොෂාන්, හෂාන් සහ ගුරුසිංහත් මුරලිව යන යන තැන එක්ක ගියා. එහෙම තමයි මුරලිගෙ මානසිකත්වය හැදුවෙ. ඒ කාලෙ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ පුදුම ලෙන්ගතුකමක් තිබ්බා අනිත් ක‍්‍රීඩකයන් ගැන.’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක