පස්යාලේ තරුණයාට වෙඩි තබා මැරූ නිලධාරියාට ඇප දඩය 5000 යි

පස්යාල ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් තරුණයකු මියගියේ යැයි කියනු ලබන සිද්ධිය මිනිමැරුමක් බවට නිරීක්ෂණය නොවන බවත් සැකකරු නොසැලකිලිමත් ලෙස ගිනි අවි භාවිත කිරීම හේතුවෙන් මෙය සිදුවී ඇති බවට නිරීක්ෂණය වන බවත් අත්තනගල්ල මහෙස්ත‍්‍රාත්වරිය ඊයේ 17 ප‍්‍රකාශ කළ අතර ඒ අනුව සැකකාර කොස්තාපල් වෙලගෙදර නමැත්තා රුපියල් 5000ක මුදල් ඇප මත නිදහස් කර
තිබෙනවා.
ඊයේ දින මෙම සිද්ධියට අදාළ පැවති මහෙස්ත‍්‍රාත් මරණ පරීක්ෂණයේදී සියලූ සාක්ෂි සැලකිල්ලට ගනිමින් මහෙස්ත‍්‍රාත්වරිය මෙම තීන්දුව ලබාදී ඇත.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම මරණය අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිදු වූ මරණයක් බවත් ඊට හේතුව ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් පපුව තුළට ඇතුළු වීම නිසා අභ්‍යන්තර ඉන්ද‍්‍රියන්ට හානි වීම බවත් මහෙස්ත‍්‍රාත්වරිය තීරණය කළා.

මෙම සිද්ධිය වූ අවස්ථාවේදී මරණකරු සමග යතුරුපැදියේ ගමන් ගත් සමිත් චතුරංග නමැත්තා සාක්ෂි දෙමින් ප‍්‍රකාශ කොට ඇත්තේ සිද්ධිය වූ අවස්ථාවේදී මාර්ග තදබදයක් තිබූ බැවින් පොලිස් සංඥාවට අනුව යතුරුපැදිය නතර කොට තිබූ බවත් සැකකාර පොලිස් නිලධාරියා වෙඩි තැබිම කර ඇත්තේ මරණකරුගේ කිහිල්ල ප‍්‍රදේශයට තද කොට තබා බවත් යැයි මහෙස්ත‍්‍රාත්වරිය පැවසුවාය.


තවද සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් නිලධාරින් පස් දෙනකු පමණ සිටි බවට ද මෙම සාක්ෂිකරු පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බවත් මහෙස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් පැවසුවාය.
එහෙත් සිද්ධිය වූ ස්ථානයේ සිටි අනෙක් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අනුව ඒ අවස්ථාවේ මාර්ග තදබදයක් නොතිබූ බවට හා පොලිස් නිලධාරියා සිටි තැන සිට යතුරුපැදිය වැටුණු ස්ථානය අතර දුර මීටර් 100ක් පමණ දුර බවට ඔවුන්ගේ සාක්ෂිවලින් අනාවරණය වන බවටද මහෙස්ත‍්‍රාත්වරිය ප‍්‍රකාශ කළාය.

ඒ අනුව ඉදිරිපත් වූ සියලූ සාක්ෂි සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරිය මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට නිරීක්ෂණය නොවන බවට සහ සැකකරු නොසැලකිලිමත්කමින් ගිනි අවිය භාවිතා කිරීම හේතුවෙන් මෙය සිදුවී ඇති බවට තීරණය කළාය.

මෙම සිද්ධියට අදාළව ලබන ඔක්තෝබර් 20 වැනිදා නීතිපති උපදෙස් කැඳවීමට මහෙස්ත‍්‍රාත්වරිය පොලිසියට නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවැති මහෙස්ත‍්‍රාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂිකරුවන් හය දෙනෙක් සාක්ෂි දුන්හ.

ඒ අනුව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් දෙළොස් දෙනෙකුගේ සාක්ෂි ලබා ගෙන තිබේ.
අනතුරුව සැකකාර පො.කො. (53411) වෙලගෙදර නමැත්තා රුපියල් ලක්ෂයක ශරීර ඇප 2ක් මත සහ රුපියල් 5000ක මුදල් ඇප මත මුදා හරින ලෙසට මහෙස්ත‍්‍රාත්වරිය නියම කළාය.

තොරතුරු -මයුරි පෙරේරා / සිසිර කුරුප්පුආරච්චි

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක