තමුසෙ කියන්නෙ කරත්ත කාරයන්ගෙ බාසාවනේ ඇමති මහ ඇමති අතර සංවාදයක්

උතුරු මැද පළාතේ නැසීගිය බර්ටි පේ‍්‍රමලාල් හිටපු මහඇමතිවරයාත් එස් එම් රංජිත් වත්මන් මහඇමති වරයාත් සිටියේ විරසකයෙනි. බර්ටි පේ‍්‍රමලාල්ගේ පුතු දුමින්ද දිසානායක දැන් කැබිනට් ඇමතිවරයෙකි.
ඊයේ 26 එප්පාවල ශ‍්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යා පීඨයට මුල් ගල් තැබීමේ ආරාධිතයන් ලෙස දුමින්ද දිසානායක හා එස්.එම් රංජිත්
දෙදෙනාටම ආරාධනා ලැබුණ අතර මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා කවුරුන්ද යන්න පිළිබදව දෙදෙනා අතර ඇතිවූයේ වචන හුවමාරුවකි.
මෙම වචන හුවමාරුවේදී

රංජිත් - මට මේවා ජනාධිපතිතුමා භාර දීලා තියෙන්නේ,

දුමින්ද - ඔයාට මොනවද භාර දීලා තියෙන ඉස්කෝල.කැබිනට් ඇමතිවරයෙක් ඉද්දින් එයා තමයි උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා වෙන්නේ.දන්න දෙයක් කථා කරන්න.

රංජිත් - ඔයාලනේ මේවා වෙනස් කරන්නේ.

දුමින්ද - මොනවද, අපි කොහෙද වෙනස් කලේ, වැරදි දේ හරි ගස්ස ගන්නයි ඔයාට කියන්නේ.

රංජිත් - තමුසේලානේ වැරැුද්දුවේ.... මිනිස්සු ඉස්සරහා .....

දුමින්ද - කථා කරන්න ඉගෙන ගන්න, තමුසේ කියන්න කරත්ත කාරයෙක්ද? කරත්ත කාරයෙක්ද?

මෙම සංවාදයෙන් අනතුරුව එම උත්සවයේ සභාව පැවති අතර එහිදී දෙදෙන එකතැන වාඩිවූයේ රවාගෙනයි. පසුව දෙදෙනාටම කතාපවත්වන්නට අවස්ථාව ලැබුණ පසු ඇතිවූ විරසකය ගැන දුමින්ද ඇමතිවරයා කතා කර තිබුණා.

‘මට මේ පළාතේ පුද්ගලයෙක් තමුසේ කියලා කථා කරා, ඉතින් මම ඇහුවා ඔබතුමා කරත්ත කාරයෙක්ද කියලා ඊට පස්සේ එයා කථාව නවත්ත ගත්තා. ඒක තමයි එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම.ඉතින් අපි ඒකට කළබල වෙන්න  ඕනකමක් නෑ. ඒ වැනි අය නිසයි උතුරු මැද පළාත පහතට වැටිලා තියෙන්නේ,
එම අවස්ථාවේ වීඩියෝව පහතින්





Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක