මැලේසියන් යානය වැටුන වෙලාවෙ පයිලට්ල නෑලූ
පසුගියදා ලෝකයේ ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන්වූ එම්එච් 370 මැලේසියානු යානය ගැන අද බ‍්‍රහස්පතින්දා ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයින් එලිදැක්වූ නවතම වාර්තාව අනුව යානය ඕස්ටේ‍්‍රලියාවට වයඹ දිග සාගරයට වැටුණ බව තහවුරු කර ඇති අතර එය වැටෙන අවස්ථාව වනවිට ‘ඔටෝ පයිලට්’ මොඞ් එකින් ගමන් කර තිබුණ බවත් එහි කිසිදු ගුවන් නියමුවෙකු ප‍්‍රතිචාර දක්වන්නට හැකි මට්ටමක නොසිටි බවත් වාර්තා කර තිබෙනවා.
සාමාන්‍යයෙන් ගුවන් යානයක අන්තරාදායක තත්වය මගහරින්නට නියමුවන් ක‍්‍රියාකාරී නොවන විට ඔටෝ පයිලට් මෝඞ් එකට ඉබේම වැටෙන අතර අවසාන මොහොතේ නියමුවන්ගේ ප‍්‍රතිචාර නොතිබීම හේතු කිහිපයක් නිසා සිදුවන්නට හැකි බවද එම වාර්තාව ප‍්‍රකාඍශ කර තිබෙනවා. එකක් නම් යානයේ ඔක්සිජන් අහවර වීමයි. නැතහොත් කිසියම් කඩාකප්පල් කාරී අයෙකුගේ අඩස්සියට නියමුවන් පත්වීමයි.
මෙම පර්යේෂණ වාර්තාව අනුව මේතාක් හෙළි නොවූ තවත් කරුණු ඉදිරියට හෙළිකරන්නට අපේක්ෂා කරන බව පර්යේෂකයින් සඳහන් කරනවා.
මගීන් 239 දෙනෙකු සමග මැලේසියන් යානය අතුරුදන්වී දැන් දින 100 ඉක්මවා තිබෙනවා.