මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්

මහින්ද පීකොක් මන්දිරයට නොඑන්න තීරණය කරයි
ඒඑස්පී ලියනගේ අද සීඅයිඞී යට
මහින්ද සිකුරාදා අල්ලස් කොමිසමට

ව්‍යාපාරික ඒඑස්පී ලියනගේට අයත් නාවල රාජගිරියේ දියවන්නා ඔය අසළ පර්චස් 160 ක බිමක අලංකාර ලෙස නිර්මාණය කළ පීකොක් මන්දිරයට අද 20 වනදා හිටපු ජනපතිවරයා මැදමුලනේ සිට
පදිංචියට එන්නට නැකතක්ද බලා සූදානම්ව සිටියත් එම අදහස අත්හැර දමන්නට හදිසියේ තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
එයට හේතුව වී ඇත්තේ නොමිලේ ලබාදෙන බව කියා සිටියත්
පීකොක් මන්දිරය මිලියන 400 ක මුදලකට මහින්ද රාජපක්ෂට විකුණා ඇති බවට සැකකෙරෙන සාධක සහිත පැමිණිල්ලක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබීමත් එතරම් විශාල ගනුදෙනුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන්නට පුද්ගලික මුදල් ලැබුණ ආකාරය ගැන ගැටලූවක් මතුවීමත්ය.
මේ හේතුවෙන් අද (20) ඒඑස්පී ලියනගේ මහතාවද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රශ්න කිරීමට කැඳවා ඇත.
මහින්ද රාජපක්ෂ රජය යටතේ නයිජීරියානු තානාපතිවරයෙකු ලෙසද කටයුතු කළ ව්‍යාපාරික ලියනගේ මහතා මහින්ද සමග ඇති හිතවත්කම මත මහින්දගේ ඉදිරි දේශපාලන කටයුතු වලට උදව්වක් ලෙස මෙම මන්දිරය පිරිනමන බව පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ

දන්වා තිබුණි. මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ එහි පදිංචියට යාමට පෙර නක්ෂත‍්‍ර කරුවන්ගේ උපදෙස් ලබාගත් බවත් එහි පිහිනුම් තටාකයට බස්නාහිර දෙසින් ජලය එන ආකාරයට සකසා තිබීම අපලකාරීවිය හැකි බවට ඔවුන් දුන් උපදෙස් නිසා එය ගොඩ කර මිදුලක් සැකසූ බවත් වාර්තාවී තිබුණා.
මේ සියලූ වෙනස්කම් සිදු කර මහින්ද රාජපක්ෂ සිය පවුල සමග එහි පදිංචියට යාමට සිටියේ අදයි.
පසුගිය දිනවල මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ පැමිණිල්ලකින් කියැවුනේ මෙම ඉඩම හා ගොඩනැගිල්ල රුපියල් මිලියන 400 ක මිලකට අලෙවි කරදෙන ලෙස කලෙක සිටම ඒඑස්පී ලියනගේ මහතා බ්‍රෝකර්වරුන්ට ඇණවුම් ලබාදී තිබුණ බවකි. ඒ අනුව ඊට අදාල අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් පවා පළකර තිබුන අතර හිටපු ජනපතිවරයාට එය නොමිලේ දුන් බව කියැවුනේ එම දැන්වීම්ද පළව තිබෙන අතරේය.
මේ ඔස්සේ අදාළ ගනුදෙනුව ගැන සැක ඇතිවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් අරඹා තිබුණ අතර පසුගිය සිකුරාදා ඒඑස්පී ලියනගේ මහතා හමුවට ගිය පරීක්ෂණ කණ්ඩායම අද ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා සිටියා.
මෙයින් පසු කලබලයට පත් ලියනගේ මහතා මහින්ද රාජපක්ෂ මෙම නිවසට පැමිණීම ගැන සාකච්ඡා කර එය නතර කර ඇති බව වාර්තා වෙනවා. අද උදෑසන වනවිට උත්සවශ‍්‍රීයක් ගතයුතුව තිබුණ එම මන්දිර භූමිය ඉබි යතුරුදමා අගුළුලා ඇතිබවද වාර්තා වෙනවා.
අද ඒඑස්පී ලියනගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ ගනුදෙනුව ගැන කරුණු පැහැදිලි කරනු ඇත.
මේ අතර ලබන 24 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන්නට හිටපු ජනපති මහින්ද රාජපක්ෂටද කැඳවීම් ලැබී ඇත. එයට හේතුව මේ ගනුදෙනුව නොවන අතර හිටපු ඇමති තිස්ස අත්තනායකට අල්ලස් ලබාදී ඔහු පක්ෂ මාරු දේශපාලනයකට කැඳවූ බවට පවතින සැකසහිත කරුණක් විභාග කිරීමටය.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප