මං අඩනිරුවතින් ඉන්න කැමතියි කිව්වා කියලා පත්තරේ දාලා රස්සාවටත් ප‍්‍රශ්නයක්

පසුගිය සති අන්ත පුවත්පතක තමා පිළිතුරු සැපයූ ලිපියකදී අඩනිරුවතින් ර`ගපාන්න ආසා බවට ප‍්‍රකාශයක් කළැයි ප‍්‍රසිද්ධ කර තිබීම නිසා තමාගේ රැුකියාවටද දැන් ප‍්‍රශ්නයක් මතුවී ඇති බව නවක චිත‍්‍රපට නිළි නිපුනි විල්සන් ගොසිප් ලංකා අමතා ප‍්‍රකාශ කර සිටියා.

මේ දිනවල තිරගතවන ‘රන්ජා’ චිත‍්‍රපටයේ ටානියා නමැති චරිතයට පණපොවන ඇය ගැන පුවත්පත් සම්මුඛ සාකච්ඡුා ගණනාවක් මේ කාලයේ ප‍්‍රසිද්ධ කර තිබුණ බවත්  ඉන් එකකදී මේ අලකලංචියට මුහුණ පා ඇත්තේ තමා නොකියූ ප‍්‍රකාශයක් පදනම් කරගෙන බවත් කියන ඇය එයින් පසු වෙබ් අඩවි වලින් එම කරුනු නැවත විකෘති කර පළකර ප‍්‍රශ්නය තවත් අවුල් කර ඇතැයි කියා සිටියා.තමා දඹුල්ල ප‍්‍රදේශයෙන් කොළඹට ආ ලංකාවේ සංස්කෘතිය අනුව හැදුණු වැඩුණු තරුණියක බවත් මෙම ප‍්‍රචාරය නිසා තමාගේ චරිතයට හානියක් සිදුව ඇති බවත් තමා සේවය කරන ටීවී නිවේදිකා වෘත්තියට ගැටලූ ඇති කර ඇති බවද කියා සිටිනවා.
ඇය අප වෙත ලබාදුන් ප‍්‍රකාශය පහත පරිදිය.

‘මං නිරුවතින් ඉන්න කැමතියි කියල කථාවක් වෙබ් සයිට් වල දාලා. ඒ ගොල්ලො  පත්තරේ තිබුණ ආටිකල් එකකින් හොරකම් කරලා වචන ටිකක් දාල තියනවා මගේ පිංතූරයකතුත් දාලා. ‘අයි වුඩි ලයික් ටුබී නේකඞ් කියලා’
මව්බිම පත්තරේ මේ සතියේ ඉරිදා මගේ ගියා
 පිටකවරයක්.ඊට පස්සෙ කොහොමහරි ආටිකල් එකේදී එගොල්ලො පුනපුනා ඇහුව මං නිරුවතින් රගපාන්න කැමතියිද කියලා.ඒක කොහොමවත් වෙන්නෙ නෑනේ. මං ලංකාවේ සංස්කෘතියට හැදුණ කෙනෙක්.නිළියක් වෙච්ච පලියට එහෙම කරන අය ඇති මම නෑ කියල මං කිව්වා.මං ඒකට විරුද්ධයි කිව්වා.

එතකොට ඇහුව අඩ නිරුවතින් ර`ගපාන්න කැමතිද කියල. මං රන්ජා මූවි එකේ රගපාන්නෙ රංජන් අයියත් එක්ක ටානියගෙ කැරැක්ටර් එක. මං ඒකෙ ප‍්‍රධාන චරිතයක් විදිහට තමා ඉන්නෙ. ඒ ගොල්ලො කියනවා අඩ නිරුවත කියන්නෙ ෂෝට් එකක් ඇඳල ස්කිනි එකක් අඳිනවට තමා අඩනිරුවත කියලා.
සාමාන්‍යයෙන් උඩ ඇඳල යට නැතිව හිටියත් ඒකත් අඩනිරුවතනේ. සම්පූර්ණ නැතිව හිටිය නම් තමා නිරුවත. ඉතින් මං කීදෙනෙක්ට එක්ස්ප්ලේන් කරන්නද අඩ නිරුවත කියන්නෙ මොකක්ද කියලා.
මං ඒගොල්ලන්ට කිව්ව මං කොටට අඳිනවා ඒක ඇත්ත. පොඩිකාලේ ඉඳන්ම මේ වෙනකම්ම කොටට අඳිනවා ඒක ඇත්ත. ඉදිරි නිරුමාණවලටත් මං කොටට අඳිනවා.ඒක ප‍්‍රශ්නයක් නෑ කියලා. එහෙම අහලා අන්තිමටත් ඒගොල්ලො පුනපුනා ඇහුවා ඒ කියන්නෙ ඔයා අඩනිරුවතට කැමතියි නේද කියලා. බලන්න පුන පුනාම ඒක අහනවා ඒගොල්ලන්ගෙ වචනෙ අරගන්න ඒක මාකට් කරගන්න.එහෙම දෙයක් තමා දැන් කරේ.

පස්සෙ වෙබ් සයිට් වල මේක ඉස්කෝලෙ නම දාලා ඊට අමතරව මගේ ගම දාලා. මගෙ ගම දඹුල්ල මං හිල්වුඞ් කොලෙජ් එකේ ඉගෙන ගත්තෙ. මගේ ජොබ් එක ටීවී ප‍්‍රසන්ටර්. එතකොට අද ටීවී එකට ඉන්ක්වයිරි එකක් ඇවිල්ල තියනව මම මෙහෙම පත්තරේ ආටිකල් එකක් දාල තියනව කියල මං ටීවී එකේ ප‍්‍රසන්ටර් කෙනෙක් හැටියට ඒක සුදුසු නැහැ කියලා. එතකොට මගෙ ජොබ් එකත් නැතිවෙන තැනකට මාව පත්වුණා. එතකොට මම ගිහිල්ල සීඊ ඕට කතා කරලා කිව්වේ මං කිව්වෙ මෙහෙම දෙයක් ඒ වුණාට ඒ ගොල්ලො වරදවා තේරුම් අරන් මේක වැරදි විදිහට තමා ප‍්‍රචාරය කරල තියෙන්නෙ කියලා’


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්