ලංකාවේ ප‍්‍රථම අංගම්පොර ගම්මානය මහව

ලංකාවේ ඉපැරුණි ශිල්ප ආරක්ෂා කර ගැනීමේ අත්පර්ෂ උරුමයන් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ යෝජිත යාපහුව කලා ශිල්ප ගම්මානයට සමගාමීව ලංකාවේ ප‍්‍රථම අංගම්පොර ගම්මානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.

රුපියල් මිලියන පනස් හතක එනම් රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑවක වියදමින් මහව දිගන තිඹිරිකැලේ ඉදිකෙරෙන මෙම ගම්මානය සඳහා සුබ මොහොතින්
මුල්ගල තැබීම සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටී. බී. ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කෙරිණි.

රට පුරා විසිරී සිටින අංගම්පොර ශිල්පීන්ට සිය ශිල්පය ව්‍යාප්ත කිරීම, වැඩිදුර හැදෑරීම සහ සිය පරම්පරාගතව ආරක්ෂා කරගෙන ආ ශිල්පීය දැනුම ආරක්ෂා කරගැනීම සඳහා රජයේ අනුග‍්‍රහය ලබා දීමේ අරමුණින් මෙම අංගම්පොර ගම්මානය ඉදිකෙරේ. ඉතිහාසයේ රාවණා රජ්ජුරුවන්ට පුජා කළ ගම්මානයක් ලෙස ජනප‍්‍රවාදයේ එන තිඹිරිකැලේ අක්කර පහළොවක භූමි භාගයක ඉදිකෙරෙන ගම්මානය තුළ රුපියල් ලක්ෂ විසිතුනක වියදමින් වැවක් ඉදිකෙරෙන අතර විදුලිය සඳහා රුපියල් ලක්ෂ පනස් හතක්, මාර්ග සංවර්ධනය සඳහා රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයක් වැය කිරීමට යෝජිතය.

මීට අමතරව ඉපැරැුණි වෙද ගෙදර, නැකැත් ගෙදර, ගුරුගෙදර, රාවණා කොටුව, අංගම්මඩුව සහ බොදු මැදුර ආදිය ද ඉදිකෙරේ. එමෙන්ම පැරැුණි ගමක අංග ලක්ෂණ ඉස්මතු කරවනු වස් ඉංජිනේරු ගඩොලින් අශ්ව රථ මාර්ගයක් ඉදිකිරීමට ද සැලැසුම් කර ඇත. දේශීය පැරැුණි කලාවන් අභාවයට යා නොදී රැුක ගැනීම සේම වර්තමාන පරපුරට එම ශිල්පයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සහ හැදෑරීම සඳහා සුදුසු කෞතුක ස්ථානයක් ලෙස මෙම අංගම්පොර ගම්මානය පවත්වා ගෙන යාමට රජය අපේක්ෂා කරයි.

මෙම අභිනව අංගම්පොර ගම්මානය ට මුල් ගල තැබීමේ උත්සවයට වයඹ පළාත් සභා මන්ත‍්‍රි බණ්ඩාර රාජපක්ෂ, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල,රාජ්‍ය අංගම්පොර ශිල්ප කලා අනු මණ්ඩලයේ සභාපති සිරි කොතලාවල යන මහත්වරු ද,මරුවල්ලිය පරම්පරිවේ වාගීෂ වික‍්‍රමවංශ බණ්ඩාරයන් ඇතුළු කෑගල්ල, අන්රාධපුර, කෑගල්ල සහ බස්නාහිර පළාතේ අංගම්පොර පරම්පරාවේ ඇත්තන් සහ ප‍්‍රදේශවාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.
සකුන්තලා ජයසිංහ


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක