බේරුවල කලබල මැද කෝටි 4 ක රන් කොල්ලකෑම්

අලූත්ගම සහ බේරුවල පසුගියදා ඇතිවූ නොසන්සුන් වකවානුවේදී බෙන්තොට සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවි සල් දෙකක් බිඳ රුපියල් කෝටි හතරක් පමණ වටිනා රන් හා මැණික් කොල්ලකා පලාගොස් සිටි ප‍්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකු පෙරේදා 28 වැනිදා බෙන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම සැකකරුවන් ජාතිවාදී පිරිසක් ලෙසින් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුට අයත් රන් භාණ්ඩ අලෙවි සල් දෙක බිඳ භාණ්ඩ
කොල්ලකා පලා ගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තර පොලිසිය සහ ඇල්පිටිය බුද්ධි අංශ නිලධාරීන් විමර්ශන ආරම්භ කර එක් සැකකරුවකු ත‍්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් තිදෙනා සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී කොල්ලකෑ ලක්ෂ 15 ක පමණ රන් භාණ්ඩ සොයාගෙන තිබේ. මෙම සැකකරුවන් මීට පෙර කොල්ලකෑම්වලට සම්බන්ධවී නොමැති බවට හෙළිවී ඇති අතර කලකෝලාහල සිදුකරන මුවාවෙන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව හෙළිකර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර බෙන්තර ප‍්‍රදේශයේ පදිංචි තිදෙනෙක් සහ දොඩන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙති. ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ හා බෙන්තර පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (28 වැනිදා* බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

චමින්ද සිල්වා, විජයසිරි විද්‍යාසේකර -කළුතර සමූහ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක