පාරේ යද්දි පිස්තෝල දික්කරගත් පොලිසිය වෙඩිතබා මරණයට පෙර දර්ශන

පොලිසියේ අවම බලය ගැන පසුගිය කාලයේ සංවාදයක් ඇතිවුයේ සමසෞඛ්‍ය උද්ඝෝෂකයින්ට ප‍්‍රහාර එල්ලකිරීමේ සිද්ධියකින් පසුය. අනතුරුව පස්යාලේ පුද්ගලයෙකු නිරපරාදේ පොලිස් වෙඩි පහරින් මරුදුටු සිද්ධියක් වාර්තා වුණා. දැන් දිවුල පිටියෙනුත් පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් ඇත.
එම වෙඩි තැබිම සිද්ධවන්නට ටිකකට පෙර කැමරාවකින් වීඩියෝ කරමින් වාහනයක ගමන් ගනිමින් සිටි අයෙකුට සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා පාරේ පිස්තෝලයක්
දික්කරගෙන සිටින විරල දසුන වීඩියෝවට නගාගන්නට හැකිවුණා.
මෙම ස්ථානයේදී පොලිසිය තරුණයෙකුට වෙඩි තැබූ බවත් වෙඩි තැබීමෙන් අනතුරුව තුවා ලැබූ තරුණයා දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වුණා. ඔහු පිහියකින් පොලිසියට අනින්නට ආ කතාවක්ද කියැවුණා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන පොලිස් නිලධාරියෙකු ද දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව ගම්පහ මහ රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වුණා.
පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් එලෙස මිය ගියේ දිවුලපිටිය බරවාවිල ප‍්‍රදේශයේ පදිංචිව එස්. එම්. කැලූම් සුබසිංහ නමැති 19 හැවිරිදි තරුණයෙකි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ ගැන කියා සිටියේ සියලූ සාක්ෂි අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බවකි.
මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ පරීක්ෂණ පැවැත් වූ බවද මියගිය දිවුලපිටිය බරවාවිල ප‍්‍රදේශයේ පදිංචිව එස්. එම්. කැලූම් සුබසිංහ නමැති 19 හැවිරිදි තරුණයා සිය

වැඩිමහල් සහෝදරයා සමග ඊයේ පස්වරුවේ ප‍්‍රදේශයේ පැවති මංගල සාදයකට ගොස් ආපසු නිවසට එමින් සිටියදී දිවුලපිටිය බරවාවිල මංසන්ධියේදී පුද්ගලයෙකු සමග බහින්බස්වී ඇතැයිද කියා සිටියා.
එම අවස්ථාවේ දිවුලපිටිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණි පසු වෙඩි තැබීම සිදුව ඇත.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ පැවසුවේ, පුද්ගලයෙකුට උල් ආයුධයකින් ඇණ පළා යමින් සිටිය දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළ බව ය.
එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ට ද තුවාල සිදු කර පලා යාමට තැත්කළ අවස්ථාවේ වෙඩි තබා ඇතැයි ඔහු ප‍්‍රකාශ කරා.
වෙඩි තැබීමෙන් අනතුරුව තුවා ලැබූ කැලූම් සුබසිංහ දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කළ අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුවෙනවා.
සිද්ධියට සම්බන්ධ පාරේ යද්දී ලබාගත් සිරස යූරිපෝටර් වීඩියෝව පහතින්
Hiru Video

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක