උඩවලව අලි පැටවුන් නීති විරෝධී ලෙස නවසීලන්තයට

උඩවලව ඇත් අතුරු සෙවණේ ජීවත් වන ගැහැනු අලි පැටවකු සහ පින්නවල අලි අනාථාගාරයේ ජීවත්වන ගැහැනු අලි පැටවකු නවසීලන්තයේ ඔක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට නීති විරෝධී ලෙස යැවීමට සැලසුම් සකස් කරමින් පවතී. එ් සඳහා ඇත් අතුරු සෙවණේ සිටින සුදුසු අලි පැටවකු සත්ත්වෝද්‍යානයට ලබා දෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පශු
වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය සමඟ ඇති කර ගත් එකඟතාවයක් මත සත්ත්ව හුවමාරු වැඩසටහනකට අනුව යැයි සඳහන් කරමින් මෙම අලි පැටවුන් දෙදෙනා ලබා දීමට සූදානම් වේ. මෙම වැඩසටහනේ පළමු සැලසුමට අනුව පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන ගැහැනු අලි පැටවුන් දෙදෙනකු  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය වෙත ලබා දීමට නියමිත විය. එ් අනුව පසුගිය වසරේ අවසාන භාගයේ දී එම සත්ත්වෝද්‍යානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු පින්නවල අලි අනාථාගාරයට පැමිණ ගැහැනු අලි පැටවුන් දෙදෙනකු තෝරා ගැනීම සිදු කර තිබේ.  එ් අනුව 2006 දෙසැම්බර් 8 වන දින පින්නවල දී උපත ලැබූ පාලි නම් අලි පැටවා සහ 2006 අගෝස්තු 23 වන දින පින්නවල දී උපත ලැබූ
අංජලී නම් අලි පැටවා  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට යැවීමට තීරණය විය.
මේ අතරතුර නවසීලන්ත පශුවෛද්‍යවරු කණ්ඩායමක් පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන අලි ඇතුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ නවසීලන්ත සත්ත්වෝද්‍යානයට ලබා දීමට
සූදානම්ව ඇති පාලි නම් අලි පැටවා ඇතුළු ව සතුන් කීප දෙනෙකුට ක්ෂය රෝගය වැළ ඳී ඇති බව ය. එ් සමඟ ම අලි පැටවුන්  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට යැවීමේ ක‍්‍රියාවලිය තාවකාලිකව නතර විය. නමුත් නැවත වරක් මෙම ක‍්‍රියාවලිය ආරම්භ වී තිබේ. එ් අනුව ඇත් අතුරු සෙවණේ ජීවත් වන හොඳ සෞඛ්‍ය
තත්ත්වයේ පසු වන ගැහැනු අලි පැටවකු හා පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වන අංජලී නම් අලි
පැටවා නවසීලන්ත  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට ලබා දීමට සූදානම් වේ.
නමුත්  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයෙන් පින්නවල සිටින අලි පැටවුන් ලබා ගැනීමට වඩා ඇත් අතුරු සෙවණේ ජීවත් වන අලි පැටවුන් දෙදෙනකු ලබා ගැනීමට වැඩි උත්සාහයක් දරන බව පෙනී යයි. ඊට හේතුව ඔවුන්ගේ අධ්‍යයනයන්ට අනුව පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන්ට ක්ෂය රෝගය
පවතින බවට පර්යේෂණ වලින් තහවුරු වීම ය. මේ නිසා ඔවුන්ගේ අදහස වී ඇත්තේ උඩවලව ඇත් අතුරු සෙවණේ ජීවත් වන නැවත වනාන්තරයට මුදා හැරීමේ හැකියාව නොමැති ගැහැනු අලි පැටවුන් දෙදෙනකු ලබා ගැනීමට ය.
පින්නවල අලි අනාථාගාරයේ ජීවත් වූ අශෝකමාලා නම් ඇතින්න ආමේනියාවේ යෙරවේන් සත්ත්වෝද්‍යානයට ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ දී ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමට අනුව සකස් කළ විදේශීය රාජ්‍යයන්ට සතුන් යැවීමේ දී හා සත්ත්ව හුවමාරු වැඩසටහන්වල දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශක ඇතුළත් අන්තර්වාර මාර්ගෝපදේශක පත‍්‍රිකාවට අනුව පිටරටකට ප‍්‍රදානය කළ හැකි වන්නේ මෙරට සත්ත්වෝද්‍යානයේ හෝ අලි අනාථාගාරයේ උපත ලැබූ අලියෙකු පමණකි. එය මෙම මාර්ගෝපදේශක පත‍්‍රිකාවේ ප‍්‍රධානතම කරුණකි. එය
සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන උඩවලට ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවුන් විදේශ රටකට ලබා දීම යනු මෙම අන්තර්වාර මාර්ගෝපදේශක උල්ලංඝනය කිරීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පැහැර හැරීමකි.
නිවැරදි කරුණු සොයා නොබලමින් නීති විරෝධී ලෙස උඩවලව ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවකු නවසීලන්ත  ඕක්ලන්ඞ් සත්ත්වෝද්‍යානය වෙත යැවීමට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට
නියෝග නිකුත් කිරීම යනු ඉතා ම හානි කර කි‍්‍රයාවකි. මින් පෙනී යන්නේ නීතිරීති උල්ලංඝනය කරමින් උඩවලව ඇත් අතුරු සෙවණේ අරමුණු සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග
හෑල්ලූවට ලක් කරමින් කටයුතු කිරීමට නිලධාරීන් යොමු වී ඇති බව ය.
උඩවලව ඇත් අතුරු සෙවණ පිහිටුවා ඇත්තේ මවු සතුන්ගේ රැුකවරණය අහිමි වූ අලි පැටවුන් පුනරුත්ථාපනය කර නැවත කැලයට මුදා හැරීම ප‍්‍රධාන අරමුණු කර ගෙන ය. එම අරමුණු හෑල්ලූවට ලක්කරමින් ඇත් අතුරු සෙවණේ රැුකවරණය ලබන අලි පැටවකු ගෘහාශ‍්‍රිත කර අපනයනය කිරීමට උපදෙස්
ලබා දීම යනු ඉතා ම හානිකර ක‍්‍රියාවකි.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නිකුත් කර ඇත්තේ එම සතුන්ගේ රැුකවරණය, සුභසාධනය පිළිබඳ අවබෝධයකින් හා වනාන්තරයේ සතුන් ඉවත් කර අපනයනය කිරීමෙන් ස්වාභාවික අලි ගහනයේ පැවැත්මට, ජාන සංයුතියේ පැවැත්මට එල්ල වන අහිතකර බලපෑම් පාලනය කිරීම උදෙසා ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්