බිරිය වෛද්‍යවරයාව මරා දැම්මේ මිටියකින් පහරදීමෙන් බවට සැකයක්

පසුගිය සතියේ බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන්හිදී සාහසික ලෙස මරාදමා තිබුණ ශ‍්‍රී ලාංකික වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල එසේ මරා දමා ඇත්තේ මිටියකින් සිදු කළ පහරදීමකින් බව මේ වනවිට හඳුනාගෙන ඇත.
සැමියා මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය වෛද්‍ය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව  ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත්තේ මේ මරණය දැන්වූ ආකාරය සහ ඉන් පෙර ඔවුන් අතර පැවති ආරවුල් පිළිබඳ හෝඩුවාවල් සැලකිල්ලට ගෙනයි.
තම නිවසේ සැමියාට අනතුරක් සිදුව ඇති බවට බිරිය විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සන්ධ්‍යා කාලයක දැනුම් දුන් පසු පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයා බිම ඇදවැටී සිටිනු දැක ඇත. ඒ අසළ
මිටියක්ද තිබුණ බවත් මෙම මිටියෙන් හිසට සිදු කළ පහරදීමෙන් ඇදවැටී ඇති බවත් පොලිසිය සැක කළා. සිද්ධ වූයේ කුමක්දැයි පොලිසිය එම අවස්ථාවේදී විමසා සිටි විට තමා කිසිවක් නොදන්නා බව පමණක් වෛද්‍ය බිරිය පවසා තිබුණා.
34 හැවිරිදි වෛද්‍ය අතුකෝරල
ජනවාරි 24 වැනි දා ජෙරල්ටන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැුගෙන ගිය නමුත් ඒ වනවිටත් මරුමුවට පත් වූ බව  ඕස්ටේ‍්‍රලියානු පොලිසිය වාර්තා කළා.
පොලිසිය පසුව සිදු කළ සෝදිසි කිරීම් වලදී මේ දෙදෙනා අතර ආරවුල් පැවති බවට අසල්වාසීන් වාර්තා කළ නමුත් සිද්ධිය වූ දිනයේ කිසිම කලබලයක් ගැන සාක්ෂියක් වාර්තාවී නැත.
මෙම දෙදෙනාගේ සමීප ශ‍්‍රී ලාංකික හිතවතුන් පවසන්නේ මේ දෙදෙන ඉතා යහපත් අන්දමින් කාලයගත කළ ආදරබර යුවළක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබුණ බවකි. දෙදෙනා අතර ආරවුල් ඇති බවට ඔවුන් විශ්වාස කරන්නේ නැත.
ඝාතනයට ලක්ව ඇති දිනේන්ද‍්‍ර අතුකෝරළ අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ පියාද එම විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කර විශ‍්‍රාම ලැබූ අයෙකි.
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ට සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරටම විශිෂ්ට සම්මාන ලැබූ වෛද්‍ය අතුකෝරල පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය ලබා සිටියා.
මරණය ගැන දැනුම් දිමෙන් පසු දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා හා රංගන මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇති බවද වාර්තා වුණා.
දොස්තර දිනේන්ද‍්‍ර පර්ත් නුවර ජෙරල්ටන් රෝහලේ නේවාසික වෛද්‍යවරයා ලෙස වසරක පමණ කාලයක් සේවය කළ අතර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප‍්‍රිය වෛද්‍යවරයෙකු බවද පැවසුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් වෛද්‍ය බිරිය තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින අතර ජුලි මස ඊළ`ග නඩු විභාගය පවත්වන්නට නියමිතය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක