ෂාරුක්ගේ රියදුරු අසාරුදීන්ගේ මෙහෙකාරී දූෂණය කරලා

සුප‍්‍රකට බොලිවුඞ් නළු ෂාරුක් කාන්ගේ රියදුරෙකු වශයෙන් සේවය කළ 34 හැවිරිදි පින්තු ෂර්මා නමැත්තා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක අසාරුදීන්ගේ බිරිය වන සිනමා නිළි සංගීතා බිජ්ලානි යටතේ නිවසේ සේවය කරන 17 හැවිරිදි මෙහෙකාරියක දූෂණය කර තිබෙනවා. මෙම චෝදනාව නිසා පසුගියදා එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති රියදුරු වරද පිළිගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පින්තු ෂර්මා වසර 7 ක් කාලයක් තිස්සේ ෂාරුක්ගේ නිවසේ සේවය කර
ඇත්තේ ෂාරුක්ගේ දරුවන් පාසල් ඇරලීමේ හා රැුගෙන ඒමේ කාර්යය සඳහාය. ඒ අතරවාරයේ ෂාරුක් මුණගැසෙන්නට එන සිනමා නළු නිළියන්ගේ පරිවාර පුද්ගලයින් මෙහෙකාරියන් සමගද ඔහු හිතවත්ව සිටි බව කියැවුණා. සිනමා නිළි සංගීතා බිජ්ලානිගේ ළාබාල මෙහෙකාරියවද ඔහු හඳුනාගෙන ඇත්තේ එලෙසිනි.
මින් ටික දිනකට පෙර මෙම මෙහෙකාරිය රියදුරුට දන්වා ඇත්තේ තමාට එම නිවසේ සේවය කිරීම දැන් එපාවී ඇත් බවත් වෙනත් ස්ථානයක් සොයා දෙන ලෙසත්ය.
මෙම කීම අනුව ඇයට වෙනත් රැුකියා ස්ථානයක් සොයා දෙන පොරොන්දුවට රියදුරු ඇයට ඇරයුම් කර ඇත්තේ ගමනක් යන්නටය. එයට ඇය එකගවී ඔහු සමග පැමිණි අවස්ථාවේ බලහත්කාරයෙන් නාඳුනන ස්ථානයකට රැගෙන ගොස් ඇයව දූෂණයට ලක්කර ඇති බව වාර්තා වනවා.
ඉන්දීය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක