වික්ටෝරියාව දූෂණය කළ බවට තංගල්ල සභාපතිගේ ලේ සැසඳිලා

තංගල්ල හෝටලයක දී බ‍්‍රිතාන්‍ය ජාතික ස්වේච්ඡුා සේවකයෙකුවූ කුරාම් ෂයික්ගේ පෙම්වතිය ¥ෂණය කළ ස්ථානයේ පැවති ලේ පැල්ලම්, එවක තංගල්ල සභාපතිගේ සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ ලේ සාම්පල් සමග සැසඳෙන බව ඞී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වූ බව අධිකරණය හමුවේ කරුණු දක්වමින්
මහාචාර්ය නිල්මිණි ගුණරත්න මහත්මිය පවසා තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ අණුක වෛද්‍ය පීඨයේ මහාචාර්යවරියක වන ගුණරත්න මහ×ත්මිය අද  19 කොළඹ මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ බව තහවුරු කළ බව වාර්තා වුණා.

බ‍්‍රිතාන්‍ය සිවිල් සේවකයා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටින එවක තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද‍්‍ර පුෂ්ප විදානපතිරණ මහතා ඇතුළු පිරිසට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.

2011 වසරේ නත්තල් දින සාදයකදී මෙම ඝාතනය හා සමූහ දූෂණය සිදුකෙරෙණු බව වාර්තා වුණු අතර සිද්ධියට අදාළ රුධිර සාම්පල් පරීක්ෂා කර අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය විසින් මීට පෙරාතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ අද කරුණු දැක්වීම සිදුවිය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක