ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ලාංකික වෛද්‍ය බිරිය වෛද්‍ය සැමියාව ඝාතනය කරලා

 ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි 34 හැවිරිදි දිනේන්ද්‍ර අතුකෝරල නමැති ශ‍්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පසුගිය අගහරුවාදා එරටදී ඝාතනයට ලක්වී තිබෙනවා.
බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන් නගරයේ පිහිටි ඔහුගේ නිවසේ ඇතුළත තිබී වෛද්‍යවරයාගේ මළ සිරුර හමුව තිබුණ අතර පොලිසිය සිදු කළ විමර්ශන අනුව නිවසේ ඇතිවූ ප‍්‍රශ්නයක් මත මෙම ඝාතනය ඔහුගේ ශ‍්‍රී ලාංකික වෛද්‍ය බිරිය විසින්
සිදු කරන්නට ඇතැයි සැක කරනවා.
වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල වසරක කාලයක පමණ සිට  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන් රෝහලේ නේවාසික
වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිට ඇති අතර මෙම ඝාතනයට සැකකරන ඔහුගේ බිරිය වන චමරි රසිකා ලියනගේද වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදී ඇත.
කැපුම් තුවාල සහිතව ඔහුගේ නිවසේ වැටී සිටියදී ජූනි 24 වන දා රෝහල්ගත කෙරුණු එම වෛද්‍යවරයා රෝහල් ගත කරනවිටත් මියගොස් තිබුණා.
අසල්වාසීන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මේ දෙදෙනා අතර නිරන්තරයෙන්ම ආරවුල් පැවති බවට සාක්ෂි ලැබී තිබුණා.
සැමියා ඝාතනය කළ බවට වෛද්‍ය චමරි රසිකා ලියනගේ සැකයට භාජනය වූයේ ඉන්
අනතුරුවයි. පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇයට ඇප ලැබුනේ නැත.
මියගිය වෛද්‍යවරයාගේ් දෙමාපියන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන අතර හදිසි මරණය ගැන දැනටමත් දැනුම්දී ඇත.
ජෙරල්ටන් රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා මියිගිය දිනේන්ද්‍ර අතුකෝරල වෛද්‍යවරයා ගැන සඳහන් කර ඇත්තේ ඉතාම කාර්යක්ෂම පුද්ගලයෙකුවූ මේ ශ‍්‍රී ලාංකිකයාගේ ඝාතනය ඔවුන්ට විශ්වාස කරන්නට අපහසු දෙයක් බවත් කාර්ය මණ්ඩලය එය අසා කම්පනයට පත්ව ඇති බවත්ය.
වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකය.


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්