පානදුර නෝලිමිට් ගින්න

අද උදෑසන 3.15 ට පමණ පානදුර නෝලිමිට් රෙදිපිළි ආයතනයේ ගින්නක් හටගැනීම නිසා එය නිවා දැමීමට ගිනි නිවන රථ 5 ක් දෙපැයකට වැඩි කාලයක් වෙහෙස දැරූ බව වාර්තා වනවා. මුළු ගොඩනැගිල්ල පුරාම ගින්න පැතිරුණ බවත් ගෙන ආ වතුර ගින්න නිවිමට මදි වූ බවත් ගිනි නිවීම් සේවා අංශ සඳහන් කළා.
අද උදේ 5.30 වන විට මුළු ගොඩනැගිල්ලම වැනසී ගොස් තිබුණ බව ප‍්‍රදේශවාසීන්ට දැකගන්නට ලැබුණා.
ගින්න හටගත් නෝ ලිම්ට් ආයතනයේ පෙර දින සාදයක් පවත්වා ඇතැයිද ඊයේ දිනයේ විදුලි සැපයුම අළුත්වැඩියා කර ඇතැයිද
ගින්න බොහෝ විට විදුලි කාන්දුවක් නිසා සිදු වී ඇතැයිද පොලීසිය පසුව ප‍්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාතීන් අතර ගැටුමක් ලෙස අර්ථ ගැන්විය හැකි නිසා පානදුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය කැඳවූ බවද පොලිසිය කියා සිටියා.
ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති අනුර සේනානායක මහතා අද උදෑසන එහි ගොස් පරීක්ෂණ ඇරඹූ අතර. රස පරික්ෂකවරයෙකුද කැඳවා ඇත.

ඡායාරූප එව්වා - චමින්ද ප‍්‍රනාන්දු















Video by - Ramesh Niroshan

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක