සෝභිත හිමි ජනපති සටනට

සියලූ දේශපාලන පක්ෂ ආරාධනා කරන්නේ නම් තමන් වහන්සේ එළැඹෙන ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වීමට සූදානම් බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඉදිරිපත් වන ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් ජාතිල ආගම් භේදයෙන් තොරව ඒකරාශීි වන ලෙස උන්වහන්සේ දේශපාලන පක්ෂ ඇතුළු සියලූ සංවිධාන වෙත විවෘත ආරාධනාවක් කළහ.
තෙවැනි වතාවටද පැවැත්වෙන
ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව නොපවසා එළැඹෙන ජනාධිපතිවරණයට පෙර සිය ධුර කාලයේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර මහ මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කරන මාදුළුවාවේ සෝභිත හිමියෝ එසේ නොකරන්නේ නම් සියලූ දේශපාලන පක්ෂවල එකගතාවෙන් පොදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව පවසතිග

උන්වහන්සේ මේ බව පැවැසුවේ ඊයේ 19දා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
නැවැතත් විධායක ජනාධිපතිවරණ මැතිවරණයක් අනවශ්‍ය බව පවසමින් උන්වහන්සේ මෙසේද ප‍්‍රකාශ කළහ.
ජනාධිපතිවරණයක් මාස කීපයකින් පසුව එන බවට සලකුණු අපිට අහන්න ලැබෙනවා. මේ වෙද්දී මේ රටේ සිදුවන සියලූ අසාධාරණකම්වලට මුල් වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමයයිග එනිසා එය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු යටතේ පාර්ලිමේන්තුවක් ක‍්‍රියාත්මක කිරීමෙන් මේ තත්ත්වය
වළකා ගැනීමට ඉඩකඩ ඇති බව විශ්වාසයයි.

මහින්ද චින්තනයෙන් විස්තර ඇතිව .මම බලයට ආවම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව. ජනාධිපතිවරයා කිව්වාග විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව කියූ ප‍්‍රධාන නායකයකු තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාග 2010 ජනාධිපතිවරණ ප‍්‍රධාන
අපේක්ෂකයන් වුණු සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ දෙදෙනාම කිව්වෙ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව.

මේ ක‍්‍රමය වහා වෙනස් කළ යුතු බව මහනායක හිමිවරුත් කියනවා.ආණ්ඩුවෙ දිනේෂ් ගුණවර්ධනල නවීන් දිසානායකල රෙජිනෝල්ඞ් කුරේල වාසුදේව නානායක්කාරල ඩිව් ගුණසේකර වැනි ප‍්‍රබල මැති ඇමැතිවරුන් විධායක ජනාධිපතිවරණ ක‍්‍රමය අනවශ්‍ය බව කියනවාග කතෝලික අගරදගුරු මණ්ඩලය කියනවා.

ආණ්ඩුව කියනවා වගේ මහා සංඝරත්නය කියන දේට හිස නමනවා නම් උන්වහන්සේගේ අනුශාසනා බලාපොරොත්තු වෙනවා නම් මෙය තමයි අවස්ථාවග ජනාධිපතිතුමා එක වරක් දෙවරක් කිව්වා. ඒත් තුන්වැනි සැරේට කියන්නෙපා ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවටග මේක අහෝසි කර මහ මැතිවරණයට යන්න. එසේ නොකරනවා නම් සියලූ දේශපාලන පක්ෂවලට ජාති ආගම් භේදයෙන් තොරව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ හැකි පොදු අපේක්ෂකයකු වෙනුවෙන් එක්වන ලෙස මම ආරාධනා කරනවා. එයට සියලූ පක්ෂ එක්ව මට එන්න යැයි කීවොත් මම එන්න සූදානම්

ශිවන්ති ප‍්‍රනාන්දු

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක