පැනල්ටියේ තිගැස්මට බ‍්‍රසීල ක‍්‍රීඩා ලෝලියා මරුට

ලෝක කුසලාන පාපන්දු ශූරතාව යටතේ පසුගිය සෙනසුරාදා බ‍්‍රසීලය හා චිලී අතර තරගයේ තීරණාත්මක පැනල්ටි ප‍්‍රහාරය අතරතුර එම කුතුහලය තිගැස්ම නිසා හටගත් කම්පනයෙන් 69 හැවිරිදි බ‍්‍රසීල ක‍්‍රීඩා ලෝලියෙකු මරණයට පත්ව තිබෙනවා.

මෙම තරගය බෙලො හොරිසෙන්ටෝ නුවර පැවැත්වුණ අතර ක‍්‍රීඩා ලෝලීන් අතර සිටි මෙම පුද්ගලයා පැනල්ටි පහර
බලා සිටියදී එක්වරම හෘදයාබාධය වැළඳී බිම ඇද වැටුණ බවත් පසුව රෝහල් ගත කළ පසු මියගිය බවත් වාර්තා වුණා.
මෙම තරගයේ නියමිත වේලාව අවසාන වනවිට බ‍්‍රසීලය හා චිලී දේශය 1-1 බැගින් සම ලකුණු ලැබීම නිසා පැනල්ටි පහර සඳහා ගිය අතර එහිදී බ‍්‍රසීලය වාසි ලබාගනිමින් 3-2 ක් ලෙස ගෝල ලබා ජයගත්තා. මෙම ක‍්‍රීඩා ලෝලියාද බ‍්‍රසීල ජාතිකයෙකි. තරගය අතර ජයග‍්‍රහනය දෙපසටම දෝලනය වෙද්දී ඔහු හෘදයාබාධයට ලක්වුණ නමුත් ඔහු තරගය අවසන් වනතුරු සිටියේ නම් ජයග‍්‍රහණය අසා සතුටු වනු ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක