‘සන්සා අරායා’ මහේලයි ක‍්‍රීස්ටීනුයි දුවට නම දැම්මේ ‘ගේම් ඔෆ් ද ත්‍රෝන්ස්’ බලලලූ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක මහේල ජයවර්ධනගේ බිරියට පසුගිය දෙසැම්බර් මස 3 වනදා දුවක ලැබුණා.
2005 වසරේ විවාහවූ මහේලට මේ දරු උපත ගැන සුබාරංචිය ලැබුනේ වසර 8 කින් පසුය.
පසුගිය සාජා සංචාරයෙන් මහේල ජයවර්ධන ඉවත්වූයේද මෙම පුද්ගලික කාරණාව මුල් කරගෙනය.36 හැවිරිදි මහේලගේ බිරිය ක‍්‍රිස්ටිනා 32 හැවිරිදි වියේ සිටි අතර ඇය ඩෙන්මාර්ක් ජාතික මවකට හා ශ‍්‍රීලාංකික පියෙකුට දාව උපන්නියකි.  දියණිය ඉපදුණ පසු ඒ ගැන ට්විටර් පණිවිඩ ඔස්සේ
මහේල ක‍්‍රීඩා ලෝලීන්ට දන්වා සිටි නමුත් දියණියගේ ඡුායාරූප
කිසිවක් මාස 6 ක් යනතුරු ප‍්‍රසිද්ධ කරේ නැත.
පසුගියදා ‘හයි’ ඉංග‍්‍රීසි සගරාවට මහේල සිය බිරිය හා දියණිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ මෙතෙක් දවසක් දියණිය ගැන හෙළි නොකළ කරුණුද සමගිනි.
ඔහු එහිදී කියා සිටි කරුණු කිහිපයක් පහතින්

මහේලගේ දියණියගේ නම ‘සන්සා අරායා’ මේ අමුතු නම දැම්ම හැටි කියන්න?

ඔව් ඔව් මේ නම දැම්ම හැටි ගැන හු`ගදෙනෙක් හරියට අහනවා. මේ නමට මුල් වුනේ මේ කාලේ ලෝකෙ ප‍්‍රසිද්ධ වෙලා තියන ටෙලි චිත‍්‍රපටය නිසා.ඒ ‘ගේම් ඔෆ් ත්‍රොන්ස්’ අපි
දෙන්නම ඒක නොවරදවාම නරඹන අය. සන්සා ස්ටාර්ක් සහ අරායා ස්ටාර්ක් කියන්නෙ ඒකෙ ඉන්න සහෝදරියන්වූ කාන්තා චරිත දෙකක්. අපි ඒ චරිත ලක්ෂණ හින්ද නෙමෙයි නම දැම්මෙ ක‍්‍රිස් මේ නමට හරි ආසයි. ඇය බබා ලැබෙන්න රෝහලේ ඉන්දෙද්දිත් ‘ගේම් ඔෆ් ද ත්‍රෝන්ස්’ බැලූවා. සන්සා අරායට නම තිබ්බෙ ඊට පස්සේ.

මේ කාලය තුළ දෙමාපියන් ලෙස වඩාත් පුදුමයටම පත්කරවපු අත්දැකීම වුනේ මොකක්ද?
අපට මේ කාලයේ අඩුවෙන්ම නිදාගන්න සිද්ධ වෙච්ච එක තමා හොඳම දේ.

ක‍්‍රිස් ඔබේ ගැබිණි සමය ගැන කියන්න මොනවහරි දොළ දුකක් ඔබට දැනුනද?
මං ඉතා කැමැත්තෙන් පහුසවෙන් ඒ සමය ගත කළා. අවශ්‍ය පරිදි ව්‍යායාම කළා. දොළ දුකක් කියල මට දැනුනේ ලැම්ප‍්‍රයිස් කන්න  ඕන වුණ එකයි වැල්මී වලට තිබුණ ආසාවයි තමා.

ඔබ මේ කාලේ විශේෂයෙන් උපදෙස් ගන්න ගිය අය කවුද?
එහෙම විශේෂත්වයක් නෑ. බොහෝ විට මගේ දෙමාපියන්ගෙන් සමහරවිට දරුවන් සිටින මිතුරු මිතුරියන්ගෙන් උපදෙස් ගත්තා.

ඔබ දෙන්නම හොඳ විලාසිතා කාරයො සන්සාට ඇඳුම් අන්දවද්දිත් ඒවා ගැන සැලකිලිමත් වනවද?
අපෝ තාම නෑ. අපි ඒ ගැන සරලව හිතන්නේ.තව අවුරුදු ගාණක් යනකං එයා ඒව විශේෂයෙන් හිතන්න  ඕන නෑ.

දැන් ඇයට මාස 6 යි. ඔයගොල්ල යන ගමන් බිමන් එක්ක යනවද?

ඔව් ඔව් ඇය දැන් අපිත් එක්ක ලන්ඩන් ගමනටත් එක්වෙනවා.

ක‍්‍රිස් ඔබ මවක ලෙස ඇය ඉපදුණ පසු ලබන දේ කුමක්ද?
බොහෝ දේ ලැබුවා. මගේ සන්තෝෂය ඇය තවත් වර්ධනය වන හැටි බලා සතුටු වීමයි.

මහේල ඔබ පියෙකු ලෙස ඇය ඉපදුණ පසු ලබන දේ කුමක්ද?
වගකීමයි ඇගේ වර්ධනය දෙස බලාසිටීමයි තමා.

ඔබ දෙපළට හොඳ දෙමාපියන් වීමට කිසියම් මාර්ගෝපදේශනයක් කවුරු හෝ සපයා තිබේද?
ඇත්තටම නෑ. අපි හිතනවා අපිම ඇය සමග ගතකොට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් අපේම විදිහක් හදාගන්න පුළුවන් කියලා.




Photography: Sandun De Silva & Christina's FB Page
Words & Styling: Minoli Ratnayake
Hair & Make up: Chathuranga and Chalana from Ramani Fernando Salons
Courtesy - www.hi.lk

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක