Posts

Showing posts from June, 2014

දැරිය මියගියත් මළ බව පිළිගන්නට අකමැති අපරිමිත මව් සෙනෙහස

Image
තම දැරිය පස් කන්දකට යටවී මියගිය පසු මියගිය බව දැනදැනත් මළ බව පිළිගන්නට අකමැතිව ඇයව උණුසුම් කරමින් සිටි නූතන කිසාගෝතමියක වන් මවක ගැන ආරංචියක් පසුගියදා හැටන් නගරයෙන් වාර්තා වුණා. නායයාමක් නිසා හැටන් නගරය මැද දුම්රිය ස්ථානයට පිවිසෙන පාළම අසල වෙළඳසැල් පෙළක් මතට විශාල පස්කන්දක් කඩා වැටී තිබුණේ පසුගිය සිකුරාදාය. මෙම අවස්ථාවේ මෙම කඩ පේළියේ එක් වෙළඳසැලක නවාතැන් ගෙනසිටි මවක් හා ඇගේ දරු දෙදෙනා

ඉතාලි අධිවේගී අනතුරින් ලාංකික යුවළ මරුට

Image
පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ඉතාලියේ කටානියා අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ගමන් කරමින් සිටි රථයක සිටි ශ‍්‍රී ලාංකික යුවළක් අනතුරට ලක් වීමෙන් දෙදෙනාම මියගොස් තිබෙනවා. සෙනසුරාදා රාත‍්‍රියේ සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යාමේදී වේගය පාලනයකරගත නොහැකිව අධිවේගී මාර්ගයේ විශාල බැම්මක හැපුණු වාහනය පොඩි පට්ටම්ව ගොස් ඇත.

පැරදීලා පලා ගියේ නෑ

Image
පැරදීලා පලා ගියේ නෑ

පැනල්ටියේ තිගැස්මට බ‍්‍රසීල ක‍්‍රීඩා ලෝලියා මරුට

Image
ලෝක කුසලාන පාපන්දු ශූරතාව යටතේ පසුගිය සෙනසුරාදා බ‍්‍රසීලය හා චිලී අතර තරගයේ තීරණාත්මක පැනල්ටි ප‍්‍රහාරය අතරතුර එම කුතුහලය තිගැස්ම නිසා හටගත් කම්පනයෙන් 69 හැවිරිදි බ‍්‍රසීල ක‍්‍රීඩා ලෝලියෙකු මරණයට පත්ව තිබෙනවා.

අල්ලපුගෙදර ඇන්ටී දුන් බිස්කට් කා තුන් හැවිරිදි පුතා මරුට දියණියට අසාධ්‍යයි

Image
කුඩා දරුවන්ට පිටතින් ආහාර වර්ග ලබාදීමේදී ඒවායේ සෞඛ්‍ය සම්පන්න බව ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? අල්ලපු ගෙදර සිටින ඇන්ටී ලබාදුන් බිස්කට් කෑම නිසා අනපේක්ෂිත ලෙස 3 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා මහනුවරින් වාර්තා වුණා. මහනුවර, පන්විල, ගෝමරේ ප‍්‍රදේශයේ යාබද නිවසක සිටින 37 හැවිරිදි කාන්තාවක ලබාදුන් බිස්කට් කෑම නිසා වස ශරීර ගතවීමෙන් මියගොස් ඇත්තේ ඊට නුදුරින් පිහිටි නිවසේ 3 හැවිරිදි පිරිමි දරුවෙකි. සිද්ධියෙන් පසු අසාධ්‍යවූ මියගිය දරුවාගේ වැඩිමල් සොයුරියද තවම රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබනවා.

ආබාධිතයින් සතුටු කරන්න හැරී කුමරු නැටූ හැටි

Image
බි‍්‍රතාන්‍යයේ රජ පවුලේ හැරී කුමරු මේ දිනවල දකුණු ඇමරිකාවේ චිලී දේශයේ සංචාරයක නිරතවන අතර එරට ආබාධිතයින් සිටින නිවහනකට ගොස් සුවදුක් බැලීම හා ඔවුන් සමග පිළිසඳරේ යෙදීම බටහිර මාධ්‍ය වල අවධානයට ලක්ව තිබෙනවා. පහත පළවන්නේ එම ඡායාරූප එකතුවකි.

බේරුවල කලබල මැද කෝටි 4 ක රන් කොල්ලකෑම්

Image
අලූත්ගම සහ බේරුවල පසුගියදා ඇතිවූ නොසන්සුන් වකවානුවේදී බෙන්තොට සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවි සල් දෙකක් බිඳ රුපියල් කෝටි හතරක් පමණ වටිනා රන් හා මැණික් කොල්ලකා පලාගොස් සිටි ප‍්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකු පෙරේදා 28 වැනිදා බෙන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සැකකරුවන් ජාතිවාදී පිරිසක් ලෙසින් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුට අයත් රන් භාණ්ඩ අලෙවි සල් දෙක බිඳ භාණ්ඩ

බිරිය වෛද්‍යවරයාව මරා දැම්මේ මිටියකින් පහරදීමෙන් බවට සැකයක්

Image
පසුගිය සතියේ බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන්හිදී සාහසික ලෙස මරාදමා තිබුණ ශ‍්‍රී ලාංකික වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල එසේ මරා දමා ඇත්තේ මිටියකින් සිදු කළ පහරදීමකින් බව මේ වනවිට හඳුනාගෙන ඇත. සැමියා මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය වෛද්‍ය චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව  ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත්තේ මේ මරණය දැන්වූ ආකාරය සහ ඉන් පෙර ඔවුන් අතර පැවති ආරවුල් පිළිබඳ හෝඩුවාවල් සැලකිල්ලට ගෙනයි. තම නිවසේ සැමියාට අනතුරක් සිදුව ඇති බවට බිරිය විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සන්ධ්‍යා කාලයක දැනුම් දුන් පසු පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයා බිම ඇදවැටී සිටිනු දැක ඇත. ඒ අසළ

විහාරාධිපති හිමිගෙ සිවුර ගලවා සරමක් අන්දවලා

Image
පන්විල, හාතලේ රෝහණ මුණසිංහාරාම විහාරස්ථානයට පෙරේදා (28 දා* කඩාවැදුණු 28 දෙනකුගෙන් සමන්විත පිරිසක් එහි විහාරාධිපති වැලිගම සුමේධ හිමියන්ට පහරදී උන්වහන්සේගේ සිවුරු ගලවා සරමක් අන්දවා බස් නැවතුමක ගැටගසා ඇතැයි පන්විල පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පන්විල පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 14 දෙනෙක්ද පිරිමි 14 දෙනෙක්ද සිටිති. පසුගිය මාස කීපය තුළ ගමේ ඇතැම් පිරිස් හා විහාරාධිපති හිමියන් අතර පවතින බහින්බස්වීම් හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මහානාම ගුරු ප‍්‍රතිභා උළෙලේ ගුරුවරියන් නැටූ හැටි

Image
කොළඹ මහානාම විද්‍යාලයේ 2014 වසර වෙනුවෙන් පැවති ගුරු ප‍්‍රතිභා උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් Pix By -Suren Abeysundara

දෙහිවල සිංහ ධේනුව කිරි නොදී් පැටව් තිදෙනාම මැරිලා

Image
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ ධේනුවක විසින් ප‍්‍රසූත කරන ලද පැටවුන් තිදෙනකු මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග වලින් පැවසේ. මෙම සිංහ ධේනුව මීට මාස කිහිපයකට පෙර ජර්මනියේ කේසන් සිටි සත්වෝද්‍යානයෙන් රැුගෙනවිත් ඇත. එම සිංහ ධේනුව විසින් ඉකුත් 25 දා එක් පැටවකු සහ ඊයේ (26 දා* තවත් පැටවුන් දෙදෙනකු ප‍්‍රසූත කර ඇති අතර එම තිදෙනාම මියගොස් තිබේ. මෙම සිංහ ධේනුව මීට පෙර අවස්ථාවකදී මෙන්ම මේ අවස්ථාවේදී ද පැටවුනට කිරි දීම ප‍්‍රතික්ෂේප කර තිබිණි. මීට පෙර අවස්ථාවේදී මොරටුව ප‍්‍රදේශයේ බැල්ලියකගේ කිරි බීමට සලස්වා එක් සිංහ පැටවකු බේරා ගැනීමට හැකිව තිබිණි. ඒ බව දැන සිටි සත්වෝද්‍යාන බලධාරීන් මෙවර ද සිංහ පැටුවනට කිරි දීමට විකල්ප වැඩපිළිවෙළක් යෙදුවේ නම් එම පැටුවන් බේරාගැනීමට තිබුණ බවද වාර්තා වේ. එස්. පී. ආරියරත්න

ස්වාමියාගේ ස්කූටරේ යන්න නගින බල්ලා

Image
ස්වාමියාගේ ස්කූටරේ යන්න නගින බල්ලා

ඔස්ටේ‍්‍රලියාවේ ගිලෙන බෝට්ටුවේ ලාංකිකයින්

Image
සරණාගතයන් ලෙස ඔස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රා කළ ද‍්‍රවිඩ ජාතිකයන් 153 දෙනකු රැුගත් බෝට්ටුවක් ජල කාන්දුවක් නිසා ක‍්‍රිස්මස් ¥පත ආසන්නයේ මුහුදේ ගිලෙමින් පවතින බව ඊයේ රාත‍්‍රී විදෙස් මාධ්‍ය සඳහන් කරා. ඉන්දියාවේ සිට පැමිණි මෙම බෝට්ටුවේ කාන්තාවන් 32 දෙනකු ද දරුවන් 37 දෙනකු ද සිටින බව එම බෝට්ටුවේ සිට ගොඩබිමට පැමිණි දෙදෙනකු විදෙස් මාධ්‍ය වෙත හෙළිකර තිබුණා.

වැල්ලවත්තේ නොලිමිට් වහන්න තර්ජනය කල මුස්ලිම් සැකකරුවන්

Image
වැල්ලවත්ත ප‍්‍රදේශයේ නොලිමිට් වෙළෙඳ ආයතනය වසා දමන ලෙස එම ආයතනයේ කාර්ය මණ්ඩලය බිය වැද්දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් පස්දෙනා රුපියල් 25.000ක මුදල් හා ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඊයේ 27 නියම කෙළේය. හනිෆා මොහොමඞ් රියාස්, මොහොමඞ් මුතාස් ෂයිනුල් හුසෙන් ,අමීඞ් මොහොමඞ් සාරිෆ් , මොහොමඞ් ඉක්බාල් හා මොහොමඞ් සමීර් සහබ්දීන් යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණ.

මඩකලපුවේ කැබ් වෑන් අනතුරින් පුද්ගල මරණ 1 යි තුවාලකරුවන් 23 යි බල්ලෙකුත් මැරිලා

Image
අද උදෑසන මඩකලපුව  කල්මුණේ ප‍්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබුවා. වෑන් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 15 දෙනෙකු සහ කැබ් රථයේ ගමන් කළ 09 දෙනෙකු

ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ලාංකික වෛද්‍ය බිරිය වෛද්‍ය සැමියාව ඝාතනය කරලා

Image
 ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි 34 හැවිරිදි දිනේන්ද්‍ර අතුකෝරල නමැති ශ‍්‍රී ලාංකික වෛද්‍යවරයෙකු පසුගිය අගහරුවාදා එරටදී ඝාතනයට ලක්වී තිබෙනවා. බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන් නගරයේ පිහිටි ඔහුගේ නිවසේ ඇතුළත තිබී වෛද්‍යවරයාගේ මළ සිරුර හමුව තිබුණ අතර පොලිසිය සිදු කළ විමර්ශන අනුව නිවසේ ඇතිවූ ප‍්‍රශ්නයක් මත මෙම ඝාතනය ඔහුගේ ශ‍්‍රී ලාංකික වෛද්‍ය බිරිය විසින් සිදු කරන්නට ඇතැයි සැක කරනවා. වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල වසරක කාලයක පමණ සිට  ඕස්ටේ‍්‍රලියාවේ ජෙරල්ටන් රෝහලේ නේවාසික

සීසීටීවී එකට මාට්ටුවූ හොරා අල්ලන්නට පොලිසිය දියත් කළ මාවනැල්ලේ කුණු කානු මෙහෙයුම (video)

Image
මාවනැල්ල නගරයේ වෙළෙඳසලක් කොල්ලකමින් සිටියදී කාණුවකට පැන සැගවුණ සැකකරුවෙකු පැය හයක පමණ මෙහෙයුමකින් පසු අල්ලාගන්නට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. සීසීටීවී කැමරා සවිකළ මාවනැල්ලේ පිහිටි වෙළෙඳසලක් තුළ රෙදි කඩකින් ඇස් බැඳගත් සොරෙකු සිටින බව වෙළෙඳ සැල් හිමියා දැක ඇත්තේ එදින රාත‍්‍රී 12ට පමණ සිය නිවසේ සිටියදී ජංගම දුරකථන තිරයේ සීසීටීවී දර්ශන තලය ඔස්සේය. ඒ අනුව සිද්ධිය ගැන ඔහු වහාම පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඒ වෙලාවේ වෙළෙඳ සැල වටකර තිබුණා. පොලිසිය තමාගේ හොර අල්ලන්ට වෙළෙඳසැල වටකර ඇති බව හොරා දැනගෙන වෙළෙඳ සැලේ තිබුණ කුඩා හිදැසක් ප‍්‍රයෝජනයට ගනිමින් එයින් එලියට පැනගෙන තිබුණ අතර ඒ අවස්ථාවේ පොලිස්

වාහන වලට ගූගල් වෙතින් ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’

Image
පසුගියදා සැන්ෆ‍්‍රැන්සිස්කෝහි පැවති ගූගල් සමාගමේ නව හඳුන්වාදීම් වැඩසටහනේදී වාහන සඳහා නිර්මාණය කළ ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’ මෘදුකාංග ගැජට්ටුව ප‍්‍රථම වරට එළි දුටුවා. මෙය වාහනවල ගමන් කරද්දී අවශ්‍ය සියලූම පහසුකම් සපයන ස්මාර්ට් දුරකථනයක ක‍්‍රියාකාරීත්වයට සමාන ගැජට්ටුවකි. වාහනවල ගමන් කරද්දී ශබ්දය අනුව හැසිරවීම, සංගීත ධාවනය, සිතියම් පිරික්සීම සජීවී මාර්ග තදබද තොරතුරු ඇතුළු සියලූ විශේෂාංග මෙන්ම අලූතින් වරින්වර ඇප් එකතුකිරීමේ පහසුවද නිසා ඉදිරියේදී ලොව පුරා විලප්ලවයක් සිදු කරන්නට ‘ඇන්ඩ්‍රොයිඞ් ඔටෝ’ සමත්වනු ඇතැයි තාක්ෂණ විශේෂඥයින් පවසනවා.

ෂාරුක්ගේ රියදුරු අසාරුදීන්ගේ මෙහෙකාරී දූෂණය කරලා

Image
සුප‍්‍රකට බොලිවුඞ් නළු ෂාරුක් කාන්ගේ රියදුරෙකු වශයෙන් සේවය කළ 34 හැවිරිදි පින්තු ෂර්මා නමැත්තා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක අසාරුදීන්ගේ බිරිය වන සිනමා නිළි සංගීතා බිජ්ලානි යටතේ නිවසේ සේවය කරන 17 හැවිරිදි මෙහෙකාරියක දූෂණය කර තිබෙනවා. මෙම චෝදනාව නිසා පසුගියදා එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති රියදුරු වරද පිළිගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තමුසෙ කියන්නෙ කරත්ත කාරයන්ගෙ බාසාවනේ ඇමති මහ ඇමති අතර සංවාදයක්

Image
උතුරු මැද පළාතේ නැසීගිය බර්ටි පේ‍්‍රමලාල් හිටපු මහඇමතිවරයාත් එස් එම් රංජිත් වත්මන් මහඇමති වරයාත් සිටියේ විරසකයෙනි. බර්ටි පේ‍්‍රමලාල්ගේ පුතු දුමින්ද දිසානායක දැන් කැබිනට් ඇමතිවරයෙකි. ඊයේ 26 එප්පාවල ශ‍්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යා පීඨයට මුල් ගල් තැබීමේ ආරාධිතයන් ලෙස දුමින්ද දිසානායක හා එස්.එම් රංජිත්

උඩවලව අලි පැටවුන් නීති විරෝධී ලෙස නවසීලන්තයට

Image
උඩවලව ඇත් අතුරු සෙවණේ ජීවත් වන ගැහැනු අලි පැටවකු සහ පින්නවල අලි අනාථාගාරයේ ජීවත්වන ගැහැනු අලි පැටවකු නවසීලන්තයේ ඔක්ලන්ඞ් සත්ත්වෝද්‍යානයට නීති විරෝධී ලෙස යැවීමට සැලසුම් සකස් කරමින් පවතී. එ් සඳහා ඇත් අතුරු සෙවණේ සිටින සුදුසු අලි පැටවකු සත්ත්වෝද්‍යානයට ලබා දෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

පූජා උමශංකර්ගේ උපන් දිනය

Image
 ඡායාරූප - සන්දේශ් බණ්ඩාර

හිමිවරු සිවුරු හැරියොත් සරසවියෙන් නෙරපනවා - එස් බී

Image
ස්වාමින් වහන්සේ නමක් ලෙස විශ්ව විද්‍යාලයට ඇතුලත්වී අනතුරුව සිවුරු අත්හරින තත්වයට පත්වන බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයට අයත් අයවලූන් විශ්ව විද්‍යාල යෙන් නෙරපන්නට කටයුතු කිරීමට සිදුවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්, බී දිසානායක මහතා පවසයි. බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බලාපොරොත්තු වන්නේ කටුක ගමනකින් පැමිණෙන භික්ෂුව උගත් බුද්ධිමත් ස්වාමින්වහන්සේ කෙනෙක් කරලා නැවත ගමේ පන්සලට, ප‍්‍රදේශයට වගේම රටට සේවය කරන්නට සුදුසු තත්වයට පත් කිරීම විශ්වවිද්‍යාලය සතු වගකීම බවත් නමුත් භිෂුන් වහන්සේලා විශ්ව විද්‍යාලයට පැමිණ සිව්රු හැරයාම මගින් එම අරමුණ ඉටු නොවන බවත් ඇමතිවරයා කියා සිටි. හෝමාගම ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පැවති නවක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුලත් ගැනීමේ උත්සවය අමතමින් ඇමතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කළේය. කසුන් ගනේවත්ත

විදුහල්පතිට විරුද්ධ අශෝක සිසුවා පැහැරගෙන

Image
කොළඹ අශෝක විද්‍යාලයේ 10 වන ශේණියේ සිසුවෙකු පැහැරගෙන ගොස් රාජගිරිය ප‍්‍රදේශයේදී අතහැර දමා යෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 26 වනදා පස්වරුවේ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම සිසුවා පැහැරගෙන ගොස් ඇති බවට සිසුවාගේ පියා විසින් මරදාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා. බස්නාහිර පළාත් සභාවට අයත් පාසලක් වන කොළඹ අශෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා පසුගියදා විදුහල්පතිවරයාට පක්ෂව සහ විපක්ෂව දෙමව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වූ අතර 16 වැනිදා එම විද්‍යාලයේ උසස් පෙළ සිසුන් පාසල් භූමිය තුළ රතිඤ්ඤා පත්තු කිරීමේ සිද්ධියක්ද වාර්තා වුණා. මෙම සිසුවා එම විරෝධතාවන්ට සම්බන්ධ බවට ආරංචි පැතිර ඇති අතර විදුහල්පතිවරයාට විරෝධය පළ කරත් තවම ඊට නිසි විසඳුම් ලැබී නැත.

උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග දින නියම වෙයි

Image
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනි දා ඇරඹේ. විභාගය අගෝස්තු 25 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත ය. මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 17 වැනි දා පැවැත්වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කෙල්ලො නිදහස් කරනවනම් මං රේප් වෙන්න ලෑස්තියි

Image
ත‍්‍රස්තයින් පැහැරගෙන ගිය පාසල් සිසුවියන් නිදහස් කරන්නේ නම් තමා තම කන්‍යභාවය පූජා කරන්නට සූදානම් බව කියන නයිජීරියානු පොප් ගායිකාවක ගැන විදෙස් වාර්තා හෙළි කරනවා. 23 හැවිරිදි ඇඩොකියේ නමැති මෙම පොප් ගායිකාව කියා සිටින්නේ ‘මේ සියලූ තරුණියන් අවුරුදු 12-15 අය මං ඒ ගොල්ලන්ට වඩා වැඩිමල් සහ අත්දැකීම් තියනවා. කරුණාකරල ඒ අයට හිංසා කරන්න එපා. ඒ ගොල්ලන්ව නිදහස් කරන්න. ඒකෙ හිලව්වට මං එන්නම් ඔවුන් ගාවට.මං රේප් වෙන්න සූදානම්. මට එක් රාත‍්‍රියකට පිරිමි 10 ක් 12 ක් එක්ක වුණත් නිදාගන්න පුළුවන්. ප‍්‍රශ්නයක් නෑ. අහිංසක ඔවුන්ව නිදහස් කරන්න.’ ලෙසිනි.

මැලේසියන් යානය වැටුන වෙලාවෙ පයිලට්ල නෑලූ

Image
  පසුගියදා ලෝකයේ ආන්දෝලනයක් ඇති කරමින් අතුරුදන්වූ එම්එච් 370 මැලේසියානු යානය ගැන අද බ‍්‍රහස්පතින්දා  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයින් එලිදැක්වූ නවතම වාර්තාව අනුව යානය  ඕස්ටේ‍්‍රලියාවට වයඹ දිග සාගරයට වැටුණ බව තහවුරු කර ඇති අතර එය වැටෙන අවස්ථාව වනවිට ‘ඔටෝ පයිලට්’ මොඞ් එකින් ගමන් කර තිබුණ බවත් එහි කිසිදු ගුවන් නියමුවෙකු ප‍්‍රතිචාර දක්වන්නට හැකි මට්ටමක නොසිටි බවත් වාර්තා කර තිබෙනවා.

ෆුට්බොල් බලන බල්ලා ගෝල් එකට බුරන හැටි

Image
ෆුට්බොල් බලන බල්ලා ගෝල් එකට බුරන හැටි

මගේ කොයි මහත්තයාද? රොෂානාට සැමියා අමතක වෙලා..

Image
ටෙලි නාට්‍ය නිළි රොෂානා ඔන්ඩච්චි මින් ටික කලකට ඉහත සිය හිටපු සැමියා සමග මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගී විමට ගොස් බලද්දී තමන්ට දිනය වැරදීමකින් ගොස් ඇත්තේ නාඳුනන අයෙකුගේ මංගල උත්සවයකට බව දැනගෙන අකරතැබ්බයකට මුහුණපා තිබෙනවා. මෙම සිද්ධිය පසුගියදා හිරු ටීවී කොපි චැට් වැඩසටහනින් ඇය හෙළි කළා.

රානි මුඛර්ජි ප‍්‍රීති සින්ටගෙ ප‍්‍රශ්නෙ ගැන කතාකරලා

Image
මේ දිනවල බොලිවුඞ් ප‍්‍රවෘත්ති අතර කැළඹීමක් ඇති කර ඇත්තේ නිළි ප‍්‍රීති සින්ටාට ඇගේ පැරණි පෙම්වතා අතවර කරන්නට උත්සාහ කළ පුවතක් ගැනයි. ප‍්‍රකට බොලිවුඞ් මිතුරු නිළි දෙපළක් වන රානි මුඛර්ජි හා ප‍්‍රීති සින්ටාගේ මිත‍්‍රත්වයේ නාමයෙන් මේ ගැන අදහස් දක්වන්නැයි

බේරුවල කලබල මුවාවෙන් කඬේට ගිනි තැබූ ව්‍යාපාරිකයාව පොලිස් සුනඛයා ඉව කරලා

Image
පසුගියදා බේරුවල ඇතිවූ ජාතිවාදී කලකෝලාහල පරිසරයෙන් ප‍්‍රයෝජනයක් ගන්නට සිතූ ව්‍යාපාරිකයෙකු රක්ෂණ වන්දි ලබාගන්නට සිතා තමන්ගේ ව්‍යාපාරික ස්ථානය තමන් විසින්ම ගිනිතබාගන්නට ගොස් අතටම හසුවූ පුවතක් පෙරේදා බේරුවලින් වාර්තා වුණා. මෙම සැකය ඇතිව තිබෙන්නේ පොලිස් සුනඛ ග්‍රෙරෝගේ ඉව ඔස්සේය. පෙට‍්‍රල් බෝම්බයක් පිපිරීමෙන් පෙරේදා රාත‍්‍රි බේරුවල අඹේපිටිය හන්දියේ වෙළෙඳසලක ගබඩාවක් ගිනි ගැනීම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නොව සැලසුම් සහගතව කළ ගිනි තැබීමක් බව පොලිසිය මේ අනුව සැකකරනවා. අඹේපිටිය සිංහල ව්‍යාපාරිකයකුට අයත් මෙම වෙළෙඳසල මුස්ලිම් ව්‍යාපාරිකයකුට බදු දී තිබූ අතර, එම වෙළෙඳසල පවත්වා ගෙන යන මුස්ලිම් ව්‍යාපාරිකයා වන මොහොමඞ් සිද්දික් මොහොමඞ් අලී මහතා පෙරේදා රාත‍්‍රි 10.10 ට පමණ තම වෙළෙඳසල ගිනි ගන්නා බවට දැනුම්දීම මත පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කළා. පරීක්ෂණ සඳහා ගිය ගේ‍්‍රරෝ නමැති පොලිස් සුනඛයා වෙළෙඳසල පරීක්ෂා කිරීමෙන් පසු පැමිණිලිකාර ව්‍යාපාරිකයා ළ`ග නතර වූ බවද වාර්තා වුණා. ගින්නෙන් හානි වූ ස්ථානයේ පත්තර හා කාඞ්බෝඞ් පමණක් ගබඩා කර තිබී ඇති අතර වටිනා දේවල් අවම විය. මෙම ගින්න සහ පැමිණිල්ල ගැන සැකයක් මතු වී ඇතැයි

විජේවීර විසූ වලව්ව තරුණ සේවා සභාවට

Image
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා කලක් වාසය කළ බණ්ඩාරවෙල නෙළුව ලෙව්වෙගොඩ වලව්ව ජාතික තරුණ සේවා සභාවට ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. පසුගියදා බදුල්ල තැපැල් සංකීර්ණ ශ‍්‍රවණාගාරයේදී පැවැති බදුල්ල දිස්ත‍්‍රික් විශේෂ සංවර්ධන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය. බෝගොඩ රත්නායක

ලංකාවේ ප‍්‍රථම අංගම්පොර ගම්මානය මහව

Image
ලංකාවේ ඉපැරුණි ශිල්ප ආරක්ෂා කර ගැනීමේ අත්පර්ෂ උරුමයන් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ යෝජිත යාපහුව කලා ශිල්ප ගම්මානයට සමගාමීව ලංකාවේ ප‍්‍රථම අංගම්පොර ගම්මානය ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ. රුපියල් මිලියන පනස් හතක එනම් රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑවක වියදමින් මහව දිගන තිඹිරිකැලේ ඉදිකෙරෙන මෙම ගම්මානය සඳහා සුබ මොහොතින්

උදාරි බබාගෙන් පසු බර කිලෝ 85 සිට 53 දක්වා අඩු කරගත් හැටි

Image
 උදාරි දැන් ආයෙමත් කාර්යබහුලයි.... ඇත්තටම ඔව්, ටෙලිනාට්‍යය වගේම අලූත් චිත‍්‍රපටයකටත් එකතු වෙලා ඉන්න හින්දා කාර්යබහුලයි.  චූටි දුවෙක් ඉන්න මවක් විදිහට මේ කාර්යබහුල බව ගැටලූවක් නමෛයිද? ෂෙනී මටත් වඩා එයාගේ සීයට මගෙ තාත්තට සමීපයි. ඉතින් මං ගෙදර නැතිවීම එයාට ප‍්‍රශ්නයක් නමෛයි.  උදේ ගිහින් හවස එන රූගත කිරීම් වගේ නමෛයි දවස් ගණන් ඉන්න වුණාම?

සල්මන්-ජැකී රගන ‘කික්’ ටේ‍්‍රලරේ දවස් 10 ට කෝටියක් බලලා

Image
බොලිවුඞ් සුපිරි නළු සල්මන් කාන් හා ලංකාවෙන් බොලිවුඩයට ගිය ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් රගන නවතම චිත‍්‍රපටය වන ‘කික්’ ඉදිරියේදී පෙන්වන්නට ප‍්‍රථම එහි ටේ‍්‍රලරය පසුගිය 15 වනදා අන්තර්ජාලයට මුදාහළ අතර අද 25 වනදා වනවිට දින 10 ක් තුළ එය ලක්ෂ 100 කට හෙවත් කෝටියකට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර්තා කර තිබෙනවා. එය පහත පරිදිය

ෂුකර්බර්ග් බිරිය සමග නොදුටු ඇල්බමය

Image
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් ෂුකර්බර්ග් හා ඔහුගේ බිරිය ප‍්‍රීෂිලා දෙදෙනාගේ දුර්ලභ ඡුායාරූප ඇතුළත් ඇල්බමයේ වීඩියෝව පහතින්

සුද්දන්ගෙ රටේදි සුද්දන්ව පැරදූ ජයග‍්‍රාහී මොහොතේ වීඩියෝව

Image
ඊයේ එංගලන්තය හා ශ‍්‍රී ලංකාව අතර පැවති ටෙස්ට් තරගය ලංකාව ජයග‍්‍රහණය කළේ අවසන් පන්දුවට පන්දුවක් ඉතිරිව තිබියදීය. එම අවස්ථාව ගැන විස්තරය පහත වීඩියෝවන්

ඔබට ලැබුනේ ඇඞ් එකේ පෙන්වන බර්ගර් එකමද?

Image
ඇමරිකාවේ මැක්ඩොනල්ඞ්ස් බර්ගර් කින්ග් ඇතුළු ෆාස්ට් ෆූඞ් අවන්හල් වෙත ගොස් සමීක්ෂණයක් කළ පුද්ගලයෙකු තමන් ඉල්ලන කෑම වර්ගය  ඒවායේ වෙළෙඳ දැන්වීම් වල තිබෙන කෑමට වඩා වෙනස් බව ඔප්පු කර පෙන්වන හැටි වීඩියෝවකින් බලන්න

ගොළුමඩම හන්දියේ නම වෙනස් කරන්නැයි උද්ඝෝෂණ

Image
රත්මලාන ගොළුමඩම හෙවත් බිහිරි හා ශ‍්‍රව්‍යාබාධිතයින්ගේ රැකවරණ ස්ථානයට යාබද හන්දියට එම නම භාවිතා කිරීම නිසා අසරණ පුද්ගල කොට්ඨාශයක් අපකීර්තියට ලක්කර ඇති බවත් ඒ වෙනුවට ගොළුමඩම හන්දිය වෙනුවට එම හන්දිය වෝටර් බෝඞ් හන්දිය හෝ බොරුපන හන්දිය යනුවෙන් නම් කරන ලෙසත් ඉල්ලමින් අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. මෙය සිදු කරන ලද්දේ බිහිරි හා ශ‍්‍රව්‍යාබාධිතයින්ගේ රැුකවරණ ස්ථානයේ ගුරුවරුන් පිරිසකි.

අළුගෝසූවාගේ අලූත් නම ජීවහරණ

Image
මරණීය දන්ඩනයට නියම කරන අය එල්ලා මරන අලූගෝසු තනතුර හැඳින්වීමට යොදා ගන්නා නාමය ඉදිරියට ‘ජීවහරණ’ ලෙස වෙනස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් පල්ලේගම මහතා කියා සිටියේ එම නාමය කළමනාකරණ සේවා

බොරුවට රඟපෑ වටරැක විජිත හිමි පොලිස් අත්අඩංගුවට

Image
පසුගියදා තමන් වහන්සේට පිරිසක් පහරදුන් බව කියා රෝහලේ නතරවූ වටරැක විජිත හිමි යන් අද දහවල් පොලිස් භාරයට ගැනුණා. ඒ එම තුවාල සුවවී කොළඹ ජාතික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේදීයි. පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ රටේ මතය වෙනස්කිරීමට මහජනයාට වැරදි අදහස් ඒත්තු

කොළඹ විශ්ව විද්‍යාල උත්සවයෙදි ඩිනක්ෂිගේ පුටුවේ වේවැල් කපලා වාඩිවෙද්දි ඇදගෙන වැටිලා

Image
පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති තරගයක් විනිශ්චය කරන්නට ගිය ටෙලි නිළි ඩිනක්ෂි ප‍්‍රියසාද් එහි පැමිණි බව දැනගෙන විශ්ව විද්‍යාල සිසුන් සිදු කළ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නිසා ඇය අසුන්ගෙන සිටි පුටුවක වේවැල් කැඞී බිම ඇදගෙන වැටුණ සිද්ධියක් වාර්තා වනවා. සිද්ධිය මෙසේය. පසුගියදා ඩිනක්ෂි ප‍්‍රියසාද්, උමයංගනා වික‍්‍රමසිංහ හා ලසන්ත රුහුණගේ යන අය කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාර ශාලාවේ

දෙමටගොඩ නිවසක කාරෙකේ සයිඞ් මිරර් හොරා සීසීටීවී

Image
දෙමටගොඩ නිවසක නවතා තිබුණ කාරයක සයිඞ් මිරර් හොරකම් කරන පුද්ගලයෙකුගේ  සීසීටීවී වීඩියෝව බලන්න

Gossip Lanka Events

Image
කොළඹදී සැමරූ ප‍්‍රංශ වසන්ත රාත‍්‍රිය The French Spring in Sri Lanka 2014, date- 20/06/2014, Venue- Park Street Mews Pix By-Vimukthi Hewajulige සිරිල් වික‍්‍රමගේ උපහාර උළෙල Pix By-Suren Abeysundara

සිරස රනිල් එක්ක යාළු වෙලා

Image
පසුගිය කාලය පුරා සිරස ටීවී නාලිකාව මගින් එජාපයේ රනිල් එළවා දැමිය යුතුය යනුවෙනුත් ඒ වෙනුවට සජිත් පේ‍්‍රමදාස කරළියට ගෙන ආ යුතුය යනුවෙනුත් අදහසකින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ බව රහසක් නොවේ. මෙම කාලය තුළ රනිල් වික‍්‍රමසිංහට වැරදුණු තැන් මිස ඔහුට ප‍්‍රවර්ධනාත්මක වැඩසටහන් හෝ අංග කිසිවක් සිරස ඔස්සේ විකාශය වූයේ නැත.

බස් වල රේඩියෝ හයියෙන් දැම්මොත් දඩ

Image
 මහජනතාවට පීඩා වන ලෙස වාහනවල ගුවන් විදුලි යන්ත‍්‍ර හෝ වෙනත් උපකරණ භාවිත කරන්නන්ට එරෙහිව දඩ පැනවීමට තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මහජනතාවට පීඩා වන එවැනි උපකරණ භාවිත කරන්නන්ට, එරෙහිව රුපියල් 3000 සිට 5000 ක් දක්වා දඩ නියම කරන බව ය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සලකා බලා එම තීරණයට එළැඹුණු බව ය.

එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලංකාව ටෙස්ට් ජය ගනී

Image
එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාවට ලකුණු 100ක තියුණු ජයක් හිමි විය. ඒ, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී එංගලන්ත අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී යාමත් සමග ය. මෙම තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීමට එංගලන්තයේ මොයීන් අලි සහ අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් ඉමහත් වෙහෙසක් දැරූහ. ඊයේ දිනයේදී සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කළ මොයීන් අලි ලකුණු 108ක් රැුස් කළේ, පන්දු 287කට මුහුණ දෙමිනි. මෙම ඉනිමේ සුවිශේෂී සිදුවීම වූයේ, අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ජේම්ස් ඇන්ඩර්සන්ගේ විශිෂ්ට ඉනිම ය. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් සිය කඩුල්ල ආරක්ෂා කරගෙන මොයීන් අලීට සහය වූයේ, කිසිදු ලකුණක් ලබා නොගනිමිනි. කෙසේ වෙතත්, තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී අවාසනාවන්ත ලෙස රංගන හේරත් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියේ ය. මෙහිදී ධම්මික ප‍්‍රසාද් කඩුලූ 5ක් බිඳ හෙළීමට සමත් විය. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ‍්‍රී ලංකාවට හිමි විය.  

දෝනිගේ විෂ්ණු දෙවි නිරූපණයට නඩු

Image
ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද‍්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද‍්‍රා ප‍්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ. ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.