වැල්ලවත්තේ නොලිමිට් වහන්න තර්ජනය කල මුස්ලිම් සැකකරුවන්

වැල්ලවත්ත ප‍්‍රදේශයේ නොලිමිට් වෙළෙඳ ආයතනය වසා දමන ලෙස එම ආයතනයේ කාර්ය මණ්ඩලය බිය වැද්දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් පස්දෙනා රුපියල් 25.000ක මුදල් හා ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඊයේ 27 නියම කෙළේය.

හනිෆා මොහොමඞ් රියාස්, මොහොමඞ් මුතාස් ෂයිනුල් හුසෙන් ,අමීඞ් මොහොමඞ් සාරිෆ් , මොහොමඞ් ඉක්බාල් හා මොහොමඞ් සමීර් සහබ්දීන් යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණ.

ඇප ලබා දීමෙන් අනතුරුව සෑම බදාදා හා ඉරු දිනකම රහස් පොලිසියේ වාර්තා කරන ලෙසත් සාක්කිකරුවන්ට කිසිඳු බලපෑමක් සිදු නොකරන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත්වරයා බලපෑම් කළ බවට කරුණු අනාවරණය වුවහොත් ඇප අවලංගු කරන බව පැවසීය.

ඉකුත් 19 වැනි දින පස්වරු 1.30ට පමණ නාදුණන පුද්ගලයන් හයදෙනකු පැමිණ වෙළෙඳ ආයතනයේ පුහුණු කළමණාකරු හමු වී වෙළෙඳ ආයතනය වසා දමන ලෙස තර්ජනාත්මක නියෝග කළ බවට පැමිණිල්ලේ සඳහන්ය..

 ර්‍ණඅපි එම්.ආර්.ඔගනයිසේෂන් එකෙන් ,සියලූම කඩ වසා තිබෙනවා.හමීඩියා එක දැන් වැහුවා,මුස්ලිම් ජනයාට සහාය වශයෙන් කඩය දැන් වහන්න ..... නැත්නම් අපි වහනවා යැයි තර්ජනය කරමින් සැකකරුවන් නොලිමිට්හි කළමණාකරු වෙත නියෝග කළ බවය .

නීතිවිරෝධී ජන රාශියක සමාජිකයින් වී වරදක් කිරීමේ අදහසින් වැල්ලවත්ත නොලිමිට් වෙළෙද ආයතනයට ඇතුළු වී කාර්ය මණ්ඩලය බිය ගන්වා ආයතනය වසා දමන ලෙස තර්ජනය කළ බව සඳහන් කළ බව පවසමින් පොලිසිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 125 වගන්ති ප‍්‍රකාරව චෝදනා අධිකරණය හමුවේ ගොනු කොට තිබිණ.

වැඩිදුර විමර්ශන පවත්වන බවත් සැකකරුවන්ට ඇප දීමට විරුද්ධ වන ලෙසට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්විය..

විවෘත කොට තිබු වෙළෙඳසලට ඇතුළුවීමට  ඕනෑම අයකුට පුළුවන් බවත් බලහත්කාරයෙන් කිසිවිටෙක ඇතුළු නොවු බවත් හර්තාලයක් පවතින අවස්ථාවක වෙළෙඳ සල විවෘත කිරිම සම්බන්ධයෙන් පමණක් කළමණාකරුගෙන් ප‍්‍රශ්න කළ බවට නීතිඥ අජිත් පතිරණ මහතා සැකකරුවන් වෙනුවෙන් පවසා සිටියේය.

අදාළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැර සිද්ධිය නැවත කැඳවීම සැප්තැම්බර් 9 වැනි දිනට කල් තැබිණ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අසාර් හුසෙන් , අජිත් පතිරණ,මංජුල ප‍්‍රතිරාජ,මංජු ශ‍්‍රී හා ඒ.සි.එම්. ස්මයිල් යන අය පෙනී සිටියහ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක