බැසිල් ආ විගස අත්අඩංගුවට ගන්නැයි නැවත අධිකරණ නියෝගයක්
පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුව සිටින බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය හේතු මත ඇමරිකාවට ගොස් සිටින බවත් යළිත් ශ‍්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් අද ඔහුට අදාළ
මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධ නඩු විභාගයේදී ඔහුගේ නීතීඥයින් කඩුවෙල අධිකරණයට කියා සිටියා.
ඔහු මෙරටට පැමිණි පසු අත් අඩංගුවට ගැනීමට අධිකරණය කලින් කළ නියෝගය බල රහිත කර නීතිඥවරුන්ගේ මාර්ගයෙන් කොල්ලූපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට
ඉදිරිපත් කර අවශ්‍ය පරීක්ෂණ කරන ලෙස ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ඉල්ලා සිටියාත
නමුත් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක‍්‍රමිකතා සිදු කළැයි සැකපිට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තීරණයේ වෙනසක් කළ
නොහැකි බව කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා අද (30) දන්වා සිටි අතර ඔහු පැමිණි වහා අත්අඩංගුවට ගන්නැයිද දන්වා සිටියා.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝශික මුදල් අක‍්‍රමිකතා, පසුගිය ජනපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තු මුදල් වියදම් කිරීම, සමුළුවක් සඳහා රුපියල් මිලියන 70 ක් වියදම් කිරීම හා 2006 ශ‍්‍රී ලංකාව මිලට ගත් මිග් ගුවන් යානා 4ක් අලූත් වැඩියාවට රුපියල් ලක්ෂ 145 ක් වැය කිරීම ඇතුළු මූල්‍ය අක‍්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පැමිණිල්ල ගොනු කර ඇත.