රත්නපුරේ ගිය ශ‍්‍රී ල.නි.ප මන්ත‍්‍රීන්ට දඬුවම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම්කරන්නැයි ඉල්ලමින් ඊයේ (26 දා) රත්නපුර පැවැති රැලිියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් සහභාගි වී ඇත්නම් ඒ සියලූ දෙනාට

තරාතිරම නොබලා දඬුවම් දෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, කම්කරු ඇමැති එස්. බී. නාවින්න මහතා පැවසීය.

රත්නපුරේ රැලිියට සහභාගි නොවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබියදී එයට අවනත නොවී පක්ෂයේ යම් පාර්ලිමේන්තු,
පළාත් සභා, නගර සභා හෝ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු හෝ සංවිධායකවරයකු එහි ගොස් ඇත්නම් ඔවුන්ට එරෙහිව ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ගවලට යොමුවන බව හෙතෙම කීය.

මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ එස්. බී. නාවින්න මහතා මෙසේද කීය.

පක්ෂ නායකත්වයට හෝ මධ්‍යම කාරක සභාවට අභියෝග කරන්න කාටවත් බැහැ. පක්ෂයක් වුණාම විනයක් තියෙනවා. එක එක්කෙනාට  ඕන විදියට නටන්න දෙන්න බැහැ. පක්ෂයේ සියලූම දෙනා පක්ෂය ගන්නා තීන්දු තීරණ අනුව කටයුතු කළ යුතුයි.

අපි හදන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කොට නැවත අපේ ආණ්ඩුවක් පිහිටුවීමටයි. දේශපාලන වශයෙන් යන එනමං නැති සමහරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විනාශ කරන්න හදනවා. අපි ඒවට ඉඩ දෙන්නේ නෑ. අපේ පක්ෂයේ නායකයා අපේ ජනාධිපතිතුමා. වෙන නායකයෝ අපිට නැහැ යෑයිද ඇමැතිවරයා පැවසීය.


ප‍්‍රියදර්ශන ලියනගේ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක