ප‍්‍රියන්ත සිරිසේන ද සෙන්ට‍්‍රල් ස්නායු ඒකකයේ තවදුරටත් අසාධ්‍යයි

ඊයේ සන්ධ්‍යාවේ පොරෝ පහරක් හිසට එල්ලවීම නිසා දැඩි ලෙස තුවාල ලැබූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ප‍්‍රියන්ත සිරිසේන කොළඹ ‘ද සෙන්ට‍්‍රල් ’පෞද්ගලික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ තවමත් ප‍්‍රතිකාර ලබනවා.

වැලි ගොඩදැමීම හා විකිණීමේ ව්‍යාපාරයක නිරතවූ වැලි රාජු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප‍්‍රියන්තට මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඔහුගේම මිතුරෙකුව සිටි අයෙකි.
ප‍්‍රියන්ත ඊයේ සවස 7 ට පමණ මෙම පුද්ගලයාට අයත් ගරාජයක් පිහිටි පොළොන්නරුව හතරේ ඇල ප‍්‍රදේශයේ ගමන් ගනිමින් සිටියදී
පසුපසින් පැමිණ ලක්මාල් නමැති එම පුද්ගලයා පොරෝ පහර ප‍්‍රියන්තගේ හිසේ පසුපස පෙදෙසෙට දැඩිව එල්ල කර ඇත.
එම අවස්ථාවේ ඔහු එතැනම ඇද වැටුණ අතර පසුව රෝහල් ගත කරන්නට අවට සිටි අය කටයුතු කළා.
වැලි රාජු සමග ලක්මාල් කලෙක දැඩි මිතුරු සබඳතාවයක් තිබුණ නමුත් පසුගිය දිනවල ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරෝවක් තිබී ඇත. මෙය ගැන

විමසීමට ලක්මාල් නැති අවස්ථාවක ලක්මාල්ගේ නිවසට ගිය ප‍්‍රියන්ත ඔහුව සොයා ඇති අතර ඔහු නැති නිසා ඔහුගේ මවට හා පියාට බැණවැදී කලබලයක් ඇති කර තිබුණා. ආරවුල අවස්ථාවේ තම මවට හා පියාට පහරදෙන්නට ප‍්‍රියන්ත ක‍්‍රියා කර තිබුණ බව කියමින් ලක්මාල් ප‍්‍රියන්තගෙන් පලිගන්නට මාන බලමින් සිට ඇත.

ප‍්‍රියන්ත ලක්මාල්ගේ ගරාජය අසළින් යන වේලාවක් බලා පොරෝ පහර එල්ල කර ඇත්තේ ඒ අනුවයි.
පොරෝ පහර නිසා හිස් කබල හා අවට දැඩි තුවාල ලැබූ ප‍්‍රියන්ත මුලින්ම පොළොන්නරුව රෝහලටත් එතැනින් හිඟුරක්ගොඩටත් ගෙන ගිය පසු යුදහමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ඊයේ රාත‍්‍රී 11 ට පමණ කොළඹ මහරෝහල අසළ පිහිටි ද සෙන්ට‍්‍රල් පුද්ගලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.
එම රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ඔහු
පැය 4 ක පමණ සැත්කමකට ඊයේ රාත‍්‍රියේම භාජනය කර තිබුණ අතර අද දහවල් වනවිටත් ඔහු දැඩි සත්කාර ඒකකයේම රැඳී සිටියා.

ඔහුගේ හිස්කබලට පොරෝ පහර වැදීමෙන් පසු මොළය හා අවට අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත. මෙම තත්වය මත ඔහුට ඉදිරියේදී යහපත් සිහියක් පැමිණ වෙනදා මෙන් වැඩ කටයුතු කරගෙන යන්නට හෝ නොඑසේ නම් එසේ සිහිය පැමිණියත් දීර්ඝකාලීන ආබාධිත තත්වයක සිටින්නට සිදුවන අවදානමක්ද මතුව තිබේ.

පහරදීම සම්බන්ධයෙන් සැක කෙරෙන 24 හැවිරිදි දුෂාන් ලක්මාල් නමැත්තා ඊයේ රාත‍්‍රියේ බකමූණ පොලීසියට භාර වූ අතර තම දෙමව්පියන්ට පහරදීමට උත්සාහ කිරීම නිසා
තියුණු ආයුධයකින් පහරදුන් බව ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.




Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක