රත්ගම මනෝජ් මැරූ පොඩි ලැසී කුඩු රජෙක්ලූ

පසුගියදා රත්ගම ප‍්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පොඩි ලැසී නමැත්තා දකුණු පළාතේ ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම

ගිනිඅවි විකුණන්නෙකු බව පොලිසිය සඳහන් කරනවා.
මනෝජ් මෙන්ඩිස්ද මිනීමැරුම් කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක චෝදනා ලැබූවකු වූ අතර පොඩි ලැසී මින් කලකට පෙර මනෝජ්ගේ ගෝලයෙකු ලෙස සිටි අයෙකි.
පොඩි ලැසී හෙරොයින් ජාවාරම සිදුකොට දකුණෙන් බැහැරව නිවාස 2ක් මිලදී ගෙන ඇති බවත් ඔහුට හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ දෙකක් ඇති බවත් පොලිසිය පවසයි. එම මෝටර් රථ දෙකෙන් කළු පැහැති මෝටර් රථය ඔහු සාමාන්‍යයෙන් යම් අපරාධයකට හෝ ගැටුමකට යන විට භාවිත කරන බවට පොලිසියට තොරතුරු වාර්තා වී ඇත. එහෙත් මෙම සිද්ධිය සිදුවූ දිනයේ පැමිණ ඇත්තේ සුදු පැහැති මෝටර් රථයක් බවත් ඔහු පැනගොස් ඇත්තේ වෙනත් වාහනයකින් බවත් හෙළිවී ඇත.
පොඩි ලැසී තවමත් අතුරුදන්ය. පොලිසිය ඔහු සෙවීමේ මෙහෙයුම තරකර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක