2014 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන තුන දිනූවන්ගේ වතගොත
ගණකාධිකාරවරයෙකුගේ පුතෙකුවූ නාලන්දෙ තරිඳු
සඳිනි ශිෂ්‍යත්වෙ පාස්වුණාම සිරිකුරුසෙන් යන්න දීල නෑ
පියා අහිමි අමාෂි මවගේ ධෛර්යයෙන් ජය ලබලා
රසායන විද්‍යා සර්ගෙ දුව නෙත්සරණි තුන්වෙනියා
වෛද්‍ය පියා මියගොස් ටිකදිනකින් ලියූ විභාගෙදි ගරුනි තුන්වෙනියා
ඊයේ පිටවූ 2014 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ස්ථාන තුන දිනූවන්ගේ වතගොත කිහිපයක් පහත ගොනු කර ඇත.උත්සාහයෙන් ධෛර්යයෙන් ඉහළ ස්ථාන ලබාගන්නට ඔවුන් ආ ගමන්මග පාසල් යන වයසේ දරුදැරියන්ට ආදර්ශයට ගත හැකි පාඩම්ය. ඔවුන්ගේ විස්තර
මෙසේය.
1
කොළඹ නාලන්ද විදුහලේ තරිඳු වික්‍රමසිංහ සිසුවා මෙවර සාමාන්‍යපෙළ විභාගයේ වැඩිම ලකුණු ලබා දිවයිනෙන්ම ප්‍රථම තැන දිනාගෙන ඇත.
තරිඳුගේ පියා ගණකාධිකාරවරයෙකි. නිවසේ සිටින මව ඔහුගේ ජයග්‍රහණයේ සෙවනැල්ල වූ බවද පැවසේ. ඔහු පළමු පන්තියේ සිටම නාලන්දා විදුහලේ ඉගෙනුම ලබා ඇත.
තරිඳු මෙසේ පැවසුවා.
අමතර පන්තිවලටත් ගියා. පොඩි කාලයේ ඉඳලම කාලය කළමනාකරණය කළා. මම චෙස්, බැඞ්මින්ටන්, තාරකා සංගමය ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වල සාමාජිකයෙක්. වයලින් වාදනයටත් මං කැමතියි. අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් ආසාවෙන් කළා. ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා.
------------------------------
2
ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ සඳිනි නිවන්ජනා ජයවර්ධන ශිෂ්‍යාව මෙවර දෙවන ස්ථානය හිමිකරගෙන ඇත.
ඇග් පියා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ශාඛාවේ තාක්ෂණ ශිල්පියෙකු ලෙස සේවය කරන අතර මව ගම්පහ රෝහලේ හෙදි නිලධාරිනියකි.
ඇය පළමු වසර සිටම මෙම පාසලේ අධ්‍යාපනය ලබා ඇත. ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 171 ලබා විද්‍යාලයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් නමුත් වෙනත් පාසලකට යවන්නට දෙමාපියන් උත්සාහ කරද්දී විදුහල්පතිනිය ඇය හොඳ තැනකට අරන් දෙන බවට පොරොන්දුවීම මත පසුව එසේ කරන්නට උවමනාවී නැත.
විදුහල්පතිනී මේරි දීපානි කන්‍යා සොයුරිය අදහස් දක්වමින් කියා සිටියේ මෙම ශිෂ්‍යාව පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අප පාසලෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවයි. ඇයව වෙනත් පාසලකට යෑවීමට දෙමාපියන් සූදානම් වුණා. මා පොරොන්දු වුණා
අධ්‍යාපනයේ ඉහළට යැමේ අවස්ථාව උදාකර දෙන බව. ඒ අනුව ලංකාවෙන්ම දෙවැනියා වූ මේ ශිෂ්‍යාව වෙනුවෙන් මා අපමණ සතුටට පත්වෙනවා.
සඳිනි නිවන්ජනා සිය පාසලට ස්තූති කරන අතර ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන බව පවසනවා.
------------------------------------
3 (1/3)
සාපෙළ මුළු දිවයිනෙන් තෙවන ස්ථාන තුනෙන් එකක් හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ ඞී. එස්. පී. අමාෂි නිවර්තනා ශිෂ්‍යාවයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්වය සමත්වී ඇය විශාඛා බාලිකාවට පැමිණ ඇත.
ඇගේ මව තනුජා කාරියවසම් ගෘහණියකි. පියා මියගොස්ය. අමාෂි මෙසේ පවසයි.
ගෙදරදී අම්මා ගෙදර වැඩ ටික කළමනාකරණය කරලා මට ඉගෙන ගන්න ඕන කරන කාලය හා පරිසරය හදලා දුන්නා. එදා සිදු කළ යුතු දේ කල් නොදමා එදාම කළා.
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සිදු කරනවා. වෛද්‍යවරියක් හෝ විද්‍යාඥවරියක් වීමට මා දැඩි අධිෂ්ඨානයෙන් සිටිනවා.
----------------------------------------
3 (2/3)
සාපෙළ මුළු දිවයිනෙන් තෙවන ස්ථාන තුනෙන් තවත් එකක් හිමිකරගෙන ඇත්තේ
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නුවනි නෙත්සරණි ශිෂ්‍යාවයි.
නෙත්සරනි පවුලේ දෙවැනියා වේ. පියා රත්නාවලී බාලිකා විද්‍යාලයේම රසායන විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කරන අතර මව ගොරකදෙනිය ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියයි. පත්තලගෙදර විද්‍යාලෝක විදුහලින් 5 ශිෂ්‍යත්වය සමත්ව රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇය ඇතුළත්ව ඇත.
ඇය මෙසේ කියයි.
බාහිර වැඩ ලෙසින් හොකී, බැඞ්මින්ටන්, චෙස්, පිහිණුම් ආදී ක්‍රීඩා කළා. පාසලෙන් ලැබුණු ගෙදර වැඩ එදිනම කළා. කාලසටහනක් තුළ පාඩම් කළා. පොත්පත් කියවීමත් රූපවාහිනී ප්රවෘත්ති බැලීමත් නිරන්තරයෙන් සිදු කළා. මටත් වඩා මා ගැන දෙමාපියන්ට සහ සහෝදරියටත් ගුරු භවතුන්ටත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඉෂ්ට කරදීමට හැකිවීම ගැන සතුටුයි.

3 (3/3)
සාපෙළ මුළු දිවයිනෙන් තෙවන ස්ථාන තුනෙන් එකක් හිමිකරගෙන ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඒ. ඒ. ගරුණි අබේසිංහ ශිෂ්‍යාවයි.
ඇගේ මව ගෘහණියකි. පියා වෛද්‍යවරයෙකුව සිටි අතර ඔහු පසුගිය වසරේ මියගියේය.
ඇයට පාඩම් වැඩ කියාදෙන්නට පියා සිටි කාලයේ ගත් වෙහෙස ගැනද ඇය මතක් කරයි. ඉංග්‍රීසි බසින් ලේඛනයේ යෙදීමේ දක්ෂතා ඇති ගරුනි පුවත්පත් ලේඛිකාවකද වෙයි.
පළමු වසරේ සිටම මහමායා බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගරුනි දරුවන් තිදෙනකුගෙන් යුක්ත පවුලක බාලම සාමාජිකයාය.
ඇයගේ වැඩිමහල් සොහොයුරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබයි. දෙවැනි සොයුරා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර මේ වසරේ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටී.
අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව මියගිය තම පියාණන්සේ ප්‍රජා සේවයට කැපවෙන වෘත්තියක යෙදීම ගරුණිගේ බලාපොරොත්තුවයි.