150 කගේ දිවි අහිමි කළ ජර්මන් ගුවන් අනතුර සහය නියමුවාගේ මරාගෙන මැරුන වැඩක්

පසුගිය අඟහරුවාදා පුද්ගලයින් 150 කට මරු කැඳවමින් දකුණු දිග ප‍්‍රංශ ඇල්ප්ස් කඳුවල හැපී විනාශ වුණ ජර්මානු ගුවන් යානයේ එම හදිසි අනතුර මරාගෙන මැරෙන අරමුණින් එම ගුවන් යානය පැදවූ සහාය නියමුවා විසින් සිදු කරන ලද්දක් බව දැන් අනාවරණය වී තිබෙනවා.

මේ බව තහවුරුවී ඇත්තේ මියගිය අය සහ යානයේ සුන්බුන් ගවේෂණයේදී හමුවූ කළු පෙට්ටියේ පටිගතවී ඇති තොරතුරු
විමර්ශනය කිරීමේදීය.
අද මේ ගැන විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ ජර්මන්වින්ග්ස් නමැති එම ගුවන් සේවා සමාගමේ ප‍්‍රධාන විධායකවරයා කියා සිටියේ ‘මේක මහා ? දුටු බියකරු සිහිනයක්.. අපට අදහගන්නත් බෑ. ප‍්‍රධාන නියමුවා වැසිකිලියට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ පාලක කුටියේ පාලනය අතටගත් සහාය නියමු ඇන්ද්‍රෙස් ලූබිට්ස් යානය හිතාමතාම ඇල්ප්ස් කඳු වෙත හැපෙන්නට යොමු කර පදවා තිබෙනවා. මේ අවස්ථාවේ ප‍්‍රධාන නියමුවා යලි එතැනට කේත යොදා එන්නට උත්සාහ කළත් ඔහුට එහි එන්නට බැරි ලෙස අගුළු දමා වෙනස් කර බලහත්කාරයෙන් මේ විනාශය සිදු කර තිබෙනවා.
කළු පෙට්ටියේ හඩපටවලින් මේ දේවල් තහවුරුවී ඇති බව කියූ ප‍්‍රධාන විධායකවරයා සිද්ධවූ දේ ගැන කම්පනයටත් කණගාටුවටත් පත්වන බව කියා සිටියා.
ජර්මන්වින්ග්ස්

සමාගමේ අවුරුදු 6 ක් පමණ පුහුණුව ලබා තිබෙන බව කියන මෙම 28 හැවිරිදි සහාය නියමු ලූබිට්ස් තරුණයා අවිවාහකයෙකි. ඔහු මවි පියන් සමග බර්ලින් නුවර ජීවත් වූ අයෙකි.

ලන්ඩනයේ පළවන මිරර් පුවත්පත පවසන්නේ මරාගෙන මැරුණ සහාය නියමුවා මානසික අවපීඩනය නොහොත් විශාදය වැනි රෝගයකින් කලෙක සිටම පීඩා වින්ද අයෙකු බවයි.
මේ බව විස්තර කර ඇත්තේ ලූබිට්ස්ගේ සමකාලීන පාසල් මිතුරියකි.
ඇගේ මව පුවත්පතට පවසා ඇති පරිදි වසර 6 කට පෙර ගුවන් යානා පුහුණුවට ගිය ලූබිට්ස් එය ටික කලකින් අතහැර දමා ඇත්තේ මේ රෝග තත්වය නිසාය. කෙසේ නමුත් ඔහු නැවතත් එම රැකියාවට ගියේ කෙසේදැයි ඔහුගේ මිතුරු මිතුරියන් පුදුමවූ බවද වාර්තා කර ඇත. පසුගිය වසරේ නත්තල් සාදයකදී ලූබිට්ස් හමුව ඇති ඇගේ මේ කියන මිතුරියට ඔහු දැන් වෙනස්වී ඇති අයුරුත් ඔහුගේ පෙර රෝගී ලක්ෂණ දක්නට නොලැබුණ
අයුරුත් විස්තර කර ඇත.
කෙසේ වෙතත් ලූබිට්ස් අසාමාන්‍ය මානසික තත්වයන් පෙන්නුම් කර තිබුනේ එක්වරම බවත් ඇතැම් විට මේ යානය පදවන අතර ඇතිවූ හදිසි සිතුවිල්ලකින් අනතුර සිදු කරන්නට යොමුවන්නට ඇති බවත් ඔහු ගැන විස්තර කරන මිතුරිය පවසා තිබෙනවා.
ගුවන් සේවයේ ඔහුට සමීප කාර්ය මණ්ඩලය ඔහු ගැන මේ දක්වා පවසා ඇති තොරතුරු වල අසාමාන්‍ය ලක්ෂණ වාර්තා කර නැත. ඔහු අවසන් දවසේ පවා සාමාන්‍ය පරිදි කථාබහේ නිරතවූ බවද ඔවුන් කියා ඇත.

ඔහුගේ කල් ක‍්‍රියාව ගැන කිසිදු සැකයක් නොතිබූ බව ප‍්‍රධාන විධායකවරයා සිය කතාවේදී  පවසා ඇත.
‘ඔහුගේ චර්යා වාර්තාවල කිසිම දෝෂයක් තිබුනෙ නෑ. සියයට සියයක් ගුවන් යානා පදවන්න සුදුසු පරිසාධන මට්ටම් පෙන්වා තිබුණා. අනතුර සිදුවන අවස්ථාව වනවිට ඔහු ගුවන් පැය 630 ක් අප සමාගමේ ගුවන් යානා පැදවූ අයෙක්. පසුව සොයා බැලූ  ඔහුගේ වාර්තාවලත් ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා දායකවූ කරුණු කිසිවක් නෑ...’ යනුවෙන් ඔහු කියා ඇත.







Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක