ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත‍්‍රණයක් - ඇමති චම්පික

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය කුමන්ත‍්‍රණයක් බවත්, එවැනි කුමන්ත‍්‍රණයක් හරහා ජන වරමින් ලබාගත නොහැකි බලය ලබාගෙන ජනාධිපතිවරයා අගමැතිවරයාට වඩා පහළට ඇදවැටීමට ඉඩනොතබන බවත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කොට තමන්ට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන

බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඊයේ (24දා) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.
‘මේ පිළිබඳ උසාවියේ විභාග වෙලා එද්දි අපි අනෙක් පක්ෂත් දැනුවත් කරනවා. මේක පාර්ලිමේන්තුවේදී ජයග‍්‍රහණය කරන්න අපි ඉඩදෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි. අපි එකක් බොහොම අවධාරණයෙන් මේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණකරුවන්ට කියනවා, ඒ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණකරුවන්ට එරෙහිව අපට අවශ්‍ය ව්‍යවස්ථාවක් සම්මත කරන්නත් අපි කටයුතු කරනවා.

නිසි සංශෝධන ගෙනල්ලා අපට අවශ්‍ය එක අපි සම්මත කරනවා. මේ අය හිතනවා නම් පසුගිය අවුරුදු 10 - 12 වගේ කරගෙන යන්න පුළුවන් කියලා ඒක වෙන්නෙ නෑ. රටට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් අපි සම්මත කරනවා.
මෙම නව සංශෝධනයේ හතරවැනි වගන්තියේ කියනවා ජනාධිපතිවයා සැමවිටම අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක‍්‍රියා කළයුතු බව. මේක කුමන්ත‍්‍රණයක් හැර වෙන මොකක්ද?
ජලය වාෂ්ප වෙන්න 1000ක්‍ ට රත්වෙන්න  ඕනේ. 990ක්‍ දී ඒක වාෂ්ප කරන්න බෑ. ආණ්ඩුවත් එහෙමයි 10ක්‍ ක් වුණ හෙළ උරුමය නැතිව කාටවත් ආණ්ඩු කරන්න බෑ. අපි තමයි පසුගිය සමයේත් උගත් බුද්ධිමත් ජනතාව ඒ සඳහා පෙළඹුවේ. ඉතිං අපි මහන්සියෙන් ලබාගත්ත වාෂ්පයෙන් රනිල් වික‍්‍රමසිංහගේ එන්ජිම පණගන්වන්න අපි ඉඩ තියන්නේ නෑ.
අවුරුදු ගණනක් පරාජය වෙලා, ජනමතය ජයග‍්‍රහණය කිරීමෙන් ලබාගන්න බැරි බලය ව්‍යවස්ථා සංශෝධනයකින් ගන්නයි මේ අය හිතන්නේ. මේ ව්‍යවස්ථා සංශෝධනය සිදුවිය යුත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය එකඟතාව අනුවයි. මැතිවරණයකට ගිහින්, බලයට ජනතා අනුමැතිය ලැබුණාම  ඕන එකක් කළාට කමක් නෑ. ඒත් ජනාධිපතිවරණයේදී ලැබුණු ජනවරම, තමන්ගේ බලය වඩාගන්න භාවිත කරන්න දෙන්න බෑ‘ යැයි වැඩිදුරටත් කරුණු පහදමින් පාඨලී චම්පික අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
( සඳමාලි වික‍්‍රමආරච්චි )

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක