ගෝඨාගේ බැංකු ගිණුම් හොයන්නැයි උසාවි නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ඇවන්ට්ගාඞ් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලූම බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසට ගාල්ල
මහේස්ත‍්‍රාත්

අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ගාල්ල වරායේ තිබී සොයාගත් ඇවන්ට්ගාඞ් ආරක්ෂක සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩාව සම්බන්ධ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.
අදාළ අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකරගෙන යනු ලබයි.

ඔවුන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුගේ විදේශ ගමන් බලපත‍්‍රද තාවකාලිකව අත්හිටුවීමට පසුගියදා නියෝග කර තිබිණ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාද එලෙස විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටවූ අයෙගෙන් කෙනෙකි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක