අපේ ගන්ධබ්බයො ටික ඇමතිකං වලට සෙට් වෙලා මටත් මැතිණිය අඬගැහුව මං කිව්ව මට කොන්දක් තියන බව - ටීබී ඒකනායක

චීන ජනපතිගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී සපත්තු ප‍්‍රශ්නයක් නිසා කාගේත් කථාබහට ලක්වූ හිටපු සංස්කෘතික ඇමති ටීබී ඒකනායක අලූතින් බිහිකළ ජාතික ආණ්ඩුවට නැත. ඔහු ආණ්ඩුව තනන්නට ශ‍්‍රිලනිපයෙන් ගිය අයව දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා. ඊයේ අඹන්පොළ පැවති රැස්වීමකදී ඔහු මෙසේ කියා සිටියා.

‘අපේ පැත්තෙ ගන්ධබ්බයින් කීපදෙනෙක් හිටියා ආසනත් පැරදුණ. ගන්ධබ්බයන්ට ඇමතිකං
ටිකක් දීලා ඒඅය තියාගෙන තව අවුරුද්දක් ආණ්ඩු බලය තියාගන්න උත්සාහයක් තමා ඉරිදා සිද්ධ වුනේ. ආත්මයක් නැති කීප දෙනෙක් මේ ගන්ධබ්බ
කාලේ එහාටත් මෙහාටත් නැතිව ඉඳල තමයි මේ ඇමතිකං අරගත්තේ..

දින 100න් දැන් 70 ඉවරයි. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලූවකුත් නෑ.. දැන් මේක කරගෙන යන්න බැරිව තමා අපේ එවුන්ව අරන් අවුරුද්දක් දික්කරගන්න හදන්නෙ.

දැන් මුන්ට එජාපයට විරුද්ධව කට හොලවන්න බෑ.. චන්ද්‍රිකා හිටපු ජනපතිනිය මටත් අඬගැහුවා  ඕකට එන්න. මං කිව්වා අපිට කොන්දක් තියනව ලක්ෂ 58 ක් මහින්දට ඡන්දෙ දුන්නෙ  ඕක කරන්න නෙමෙයි කියල..’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක