ඉඩම් හුටපටේ නිසා දෙරණ - සිරස හබයක් -- සිරසෙ අය අපේ ආයතනයට කඩා වැදුණා - දෙරණ දෙරණෙ අය අපේ අයව හිරකරගෙන - සිරස


කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට එචිලන් චතුරශ‍්‍රය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමේ හිමිකාරිත්වය ගැන වැරදි පුවතක් පළ කර ඇති බව කියමින් ඒ ගැන විමසන්නට සිරස මාධ්‍ය ජාලයට අයත් මාධ්‍යවේදීන් පිරිසක් දෙරණ නාලිකාවේ කාර්යාලය වෙත ගොස් විමසීමට ගොස් ගැටලූකාරී තත්වයක් ඇති කරගෙන ඇත.

ඊයේ සිරස මගින් නීතීඥයෙකු ලවා මෙහි හිමිකාරත්වය මහරාජා ආයතනය සතු බවට නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියේදී පිලිගෙන ඇතැයි කීවත් එම කරුණ සාවද්‍ය බව
නාගරික සංවර්ධන අධිකාරිය උපුටමින් අද දෙරණ වාර්තා කර තිබුණි.
මේ පරස්පරය නිසා දෙරණ එවැනි පුවතක් පළකළේ ඇයිද යන්න විමසීමට සිරස මාධ්‍යවේදීන් එහි ගොස් ඇත.
එහිදී ඇතිවූ සිද්ධිය ගැන අද දෙරණ පුවත් සහ සිරස නිව්ස් ෆර්ස්ට් වාර්තා දෙකක් වෙන වෙනම පළ කර ඇත. ඒ දෙක පහත පරිදිය.

අද දෙරණ සිද්ධිය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

කැපිටල් මහාරාජා ආයතනයේ මාධ්‍යවේදීන් යයි කියා ගන්නා පිරිසක් දෙරණ මාධ්‍ය ආයතනයට කඩාවැදී අනවසරෙන් බලහත්කාරීව රූගත කිරීමක් සිදුකරන්නට යාමෙන් මේවන විට

නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අනවසරෙන් ඇතුළුව රූගත කරන්නට යාමෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කළ දෙරණ සේවක පිරිසක් සමග ඔවුන් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ ගැනීම නිසා මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.
 
මාධ්‍ය ආයතනයේ ප‍්‍රධානීන් විසින් මෙම සිදුවීම පිළිබඳ පොලීසිය දැනුවත් කරන ලදී.
කෙසේ වෙතත් මේවන විට කැපිටල් මහාරාජා ආයතනයට අයත් මාධ්‍යය විසින් තම මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවට පුවත් පළකරමින් සිටියද එවැන්නක් සිදුවී නොමැත.

එසේම මේවන විට පොලීසිය මැදිහත්ව නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර අදාළ මාධ්‍යවේදීන් යයි කියාගන්නා පිරිස පොලිස් බාරයට ගෙන තිබේ.
අවසරයකින් තොරව මාධ්‍ය ආයතනයකට කඩාවැද රූගත කිරීම, පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වලට පටහැණිවා සේම නීති විරෝධී බැවින් මෙම සිදුවීම ටීවී දෙරණ ඇතුළු  මාධ්‍ය ජාලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

සිරස නිවුස් ෆර්ස්ට් සිද්ධිය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් පිරිසක් මේ වන විට දෙරණ නාලිකාවේ සේවකයින් විසින් සිරකර ගෙන සිටී.
අප මාධ්‍යවේදීන් අද පස්වරුවේ දෙරණ නාලිකා පරිශ‍්‍රයට ගියේ, ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය ලබා ගැනීම සඳහා ය.
දෙරණ නාලිකාවට ඒ සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම අප අරමුණ විය.
එහෙත් දෙරණ සේවකයින් විසින් අප මාධ්‍යවේදීන් මේ වන විට සිරකර ගෙන ඇති අතර නිව්ස්ෆස්ට් කණ්ඩායමේ කැමරා උපකරණ ද පැහැර ගනු ලැබ තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක