ජනපති මෛත‍්‍රීපාලගේ සොයුරු ප‍්‍රියන්ත පහරදීමකින් බරපතලයි

ප.ව.9.00
අද සවස 7 ට පමණ ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සොයුරෙකු වන ප‍්‍රියන්ත සිරිසේන මහතාට
පොළොන්නරුව ප‍්‍රදේශයේදී පහරදීමක් සිදුවී ඇත. ඔහු ඉන් බරපතල තුවාල ලබා ඇත.
පොළොන්නරුව හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ කිසියම් අයෙකු ඔහු පසුපසින් විත් තියුණු ආයුධයකින් ඔහුගේ හිසේ පසුපසට මෙම පහරදීම සිදු කර ඇති අතර එය
කවුරුන් විසින් සිදු කරන ලද්දක් දැයි තවම වාර්තා නොවේ.
අනතුරකට ලක් වු අවස්ථාවේ ප‍්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපස දැඩි ලෙස තුවාල වී ඇති අතර හිස් කබලටද හානි ඇති කළ එම පහරදීම තියුණු අවියකින් සිදු කළ එකක් විය හැකි බවට වෛද්‍යවරුන් සැක කරනවා. තුවාල වූ වහාම පොළොන්නරුව රෝහලට ඔහුව ඇතුළත් කළ අතර දැඩි සත්කාර
ඒකකයේ වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දරා ඇත.
රාත‍්‍රී 8.30 ට පමණ වාර්තා වූයේ ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් මගින් කොළඹට රැගෙන එන බවකි.
සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර පොලීසිය කිසිදු සැකකරුවකු තවම අත්අඩංගුවට ගෙන නැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක