මහින්ද ඡන්දෙ ඇප්ලයි කරද්දි දිස්ත‍්‍රික්කෙයි ආසනයයි මාක්කර එවන්නලූ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මීළඟ මහා මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ඉල්ලීමට කැමැත්තේ නම් ඒ සඳහා පක්ෂයට ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු තරග කිරීමට
බලාපොරොත්තු වන දිස්ත‍්‍රික්කය සහ ආසනය කුමක්ද යන්න ඉල්ලූම්
පත‍්‍රයේ සඳහන් කළ යුතු යැයි ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පක්ෂයේ ක‍්‍රමවේදය එය බව සඳහන් කළ විපක්ෂ නායකවරයා එසේ නැතිව අගමැති අපේක්ෂකයා ලෙස කිසිවෙක් නම් නොකරන බවත් රත්නසිරි වික‍්‍රමනායක,
මහින්ද රාජපක්ෂ සහ දි. මු. ජයරත්න යන අයගෙන් කිසිම අයෙකු එසේ නම් නොකළ අය බව ද හෙතෙම සඳහන් කළේය.

ශ‍්‍රීලනිප දෙකඩ කරන්න හුඟාක් අය බලන් සිටිනවා. එවැනි දෙයකට අප කෙසේවත් ඉඩ තියන්නේ නැහැ. අපි ශක්තිමත්ව සමගියෙන් කටයුතු කරනවා පමණක් නෙමෙයි, අපගේ පාක්ෂිකයින් දන්නවා මොන යම් දෙයකින් හරි පක්ෂය දෙකඩ වුණොත් එහි වාසිය යන්නේ එජාපයට කියලා. ඒ හින්දා මේ වගේ කැලඹිලි ඇති කරන්නේ එජාපයේ කොන්ත‍්‍රාත් එකක් නිසා වෙන්නත් පුළුවන් යැයි විපක්ෂ නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක‍්‍රිස්ටි මහේෂ් ද සිල්වා

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක