මාලකට නයිට් ක්ලබ් ඕනෙමයි කිව්වට අධිකරණය බෑ බෑ කියයි

රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල්වීමට අවසර දෙන මෙන් හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ(27)  නැවත ප‍්‍රතික්ෂේප කළේය.

එම තීන්දුව දුන් මහේස්ත‍්‍රාත්වරයා
මාලක සිල්වාට මහජනයා ප‍්‍රසිද්ධියේ ගැවසෙන ස්ථානවල කලහකාරී අයුරින් හැසිරීම තහනම් කෙරෙන තවත් කොන්දේසියක් ද ප‍්‍රකාශයට පත් කළේය.
එම ඇප කොන්දේසි මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් ඒවා ඉවත් කරන ලෙසයි මාලක සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය දෙවන ඇප කොන්දේසිය ඉවත් කළ නමුත් රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීමට අවසර දෙන මෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

රාත‍්‍රි සමාජ ශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ චෝදනා යටතේ රිමාන්ඞ් සිර භාරයට පත් කරනු ලැබ සිටි මාලක සිල්වාට අධිකරණය ඇප නියම කිරීමේදී රාත‍්‍රි සමාජ ශාලාවලට ඇතුල් වීම තහනම් කෙරෙන කොන්දේසියක් පනවා තිබේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක