කේවල ආසන ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීවරු 250 දක්වා වැඩි කරන යෝජනාව අද

යෝජිත නව මැතිවරණ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංඛ්‍යාව 250 දක්වා වැඩි කිරීම හා ඒ සම්බන්ධ යෝජනා වලිය මැති වරණ කොම සාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා විසින් අද (30 දා) දේශපාලන පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයා
විසින් යෝජනා කර ඇති නව ක‍්‍රමය යටතේ ආසන 140 ක් ආසන මට්ටමින් ජය ගන්නා පුද්ගලයන් මන්ත‍්‍රීවරුන් වශයෙන් පත්කෙරෙන අතර මනාප ක‍්‍රමය යටතේ දිස්ත‍්‍රික්ක මට්ටමින් මන්ත‍්‍රීවරු 80 දෙනෙක් ද, ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රීවරු 30 දෙනෙක්ද තෝරා පත් කර ගැනේ.

මෙම නව ක‍්‍රමයට සියලූ පක්ෂ එකඟ වුවහොත් දැනට ඇති මැතිවරණ කොට්ඨාශ 160 වෙනුවට නව මැතිවරණ කොට්ඨාස 140 ක් නම් කෙරෙනු ඇත. ඒ සඳහා සීමා නිර්ණය කිරීම මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ මිනුම්පතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඒ ඒ පක්ෂවල මන්ත‍්‍රී කණ්ඩායම් අතර මෙම යෝජනා සාකච්ඡාවට ලක්වන අතර ඉන් පසු අපේ‍්‍රල් 6 වැනිදා දේශපාලන පක්ෂ නායකයන් විසින් නැවත හමුවී සාකච්ඡා කර අවසන් තීරණය ගනු ඇත.

එසේ එකඟතාව ඇතිවුව හොත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක