බැසිල් ආයෙ පොලිටික්ස් වලට එන්නෑලූ ගෝඨා එන්නෙ වෙනමලූ


ඊයේ දිවයිනට පැමිණි හිටපු ජනපති සොයුරු හා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ නැවත දේශපාලනයට සම්බන්ධ නොවනු අතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි හෙලි කරනවා.

ඔහු හමුවේ ඊයේ මාධ්‍ය සිදු කළ විමසීම් වලදීද එම අදහස ඔහුගෙන් පළවුණ අතර ඔහු පැවසුවේ ඊයේ තමා ආවේ තමා සම්බන්ධ පොලිස් පරීක්ෂණ වලට සහාය වීමට බවකි.
කෙසේ වෙතත් ඔහු ඊයේ නැවත නැවත කියා සිටියේ
රාජපක්ෂවරුැන් ජනතාවගේ මුදල් කොල්ලකා නැති බවකි.
බැසිල් දේශපාලනයට පැමිණීම නිසා ඉදිරියේදී අවාසි ඇතිවිය හැකි බවට මහින්ද පාර්ශ්වය තේරුම්ගෙන සිටින අතර පසුගිය ජනපතිවරණ පරාජයට හේතුවූ ප‍්‍රබල සාධක අතර

පැවති රජයට උත්තර නැතිවූ මූල්‍ය ගනුදෙනු රැසකට මුල්වූයේ බැසිල්වීම මෙහි ප‍්‍රධාන කාරණාවකි.
වර්තමානයේ මහින්දගේ ප‍්‍රධාන හිතවතාවී සිටින විමල් වීරවංශ බැසිල්ගේ නම සඳහන් කරමින් ඔහු පරාජයට හේතුවූ බවට මින් සති කිහිපයකට පෙර බීබීසියටද අදහස් පළ කර තිබුණි.ඊයේ බැසිල් ආවත් මහින්ද සවස කියා සිටියේ තමා ඔහු ආ බව දන්නේ නැති බවකි.

බැසිල් දේශපාලනයට නො ආවත් ගෝඨාභය දේශපාලනයට පිවිසීම මහමැතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසු සිදුවන බවත් ගෝඨාභයගේ දේශපාලන ව්‍යාපාරය මහින්ද සමග එකට නොයා වෙනම ප‍්‍රතිරූප ගොඩනගමින් සැලසුම් කළ එකක් බවද අභ්‍යන්තර දේශපාලන ආරංචි වාර්තා කරනවා.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප