අල්ලස් කොමිසම ළඟ උද්ඝෝෂණය ගෝඨාට හිරිහැර කරන්නෙ එල්ටීටීඊ උවමනාවට - බන්දුල දින 100 සමරන්නෙ මේකෙන් - ඩලස්

ගෝඨාභය රාජපක්ෂ මින් ටික වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහුව අද අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පෑමට උදය ගම්මංපිල ප‍්‍රමුඛ පිරිස් සංවිධානය කර තිබෙන
උද්ඝෝෂණයට අල්ලස් කොමිසම ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටිනවා.
එම අවස්ථාවට හිටපු ඇමති බන්දුල හා හිටපු ඇමති ඩලස් පැමිණ මේ අවස්ථාවේ කතා පවත්වමින් සිටින්නේ මෙගා ෆෝනයක් ආධාරයෙනි.
එල්ටීටීඊ ඩයස්පෝරාවේ හා බටහිර බලවතුන්ගේ උවමනාවට
ගෝඨාභය රාජපක්ෂට හිරිහැර කරන බවත් රට බේරාගත් ජාතික වීරවරයින් දඩයම් කිරීම නතර කරන

ලෙසත් බන්දුල ඇමතිවරයා එම අවස්ථාවේ ඉල්ලා සිටියා.
හිටපු ඇමති ඩලස් කියා සිටියේ,
සුළුතර ආණ්ඩුව දින 100 සැමරීම සඳහා ගෝඨාභය වීරයා අල්ලන්නට හදන බවත් අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 116 ක් අත්සන් කර තිබෙන වේලාවක මේ හිරිහැරය කරන බවත්ය.
මෙම විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා පොලිසිය දැඩි රැකවල්ලා සිටියත් එය නතර කර තිබුනේ නැති අතර උද්ඝෝෂකයින් නිසා බෞද්ධාලෝක මාවතේ රථවාහන ගමන නවතා තිබෙන අතර මේ හේතුවෙන් කොළඹ අවට දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව වාර්තා වුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප