උසාවි යන්න බෑ කියල බැසිල් අදිමදි කළාලූ අසනීප කිවූ නිසා බැසිල් බන්ධනාගාර රෝහලට පාර්ලිමේන්තු යන්නත් හැකියි

ලංකාවේ දේශපාලකයින් බොහෝ දෙනෙකු පොලිසියට හසුවීමේදී ඇතිවන ශාරීරික රෝගාබාධ තත්වයන් බැසිල් රාජපක්ෂ හා හිතවතුන්ටද වැළඳ තිබෙනවා.
ඊයේ (22දා) රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු අමාත්‍යවරයා
ඇතුළු තිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාට දැන්වූ නිසා බන්ධනාගාර රෝහලට ඔවුන් යොමු කිරීමට මහේස්ත‍්‍රාත්වරයා එකඟ විය.
ඒ අනුව ඔවුන් දින 12ක් සැප සහිත කාමරයක ආරක්ෂා සහිතව සිටිනු ඇත.
මේ අතර බැසිල් රාජපක්ෂ වෙනුවෙන්
පෙනී සිටි නීතීඥයින් ඊයේ ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂට මේ කාලය තුළ පාර්ලිමේන්තු යාමට අවශ්‍ය බවයි.
එයට බාධාවක් නොවන බව කී මහේස්ත‍්‍රාත්වරයා බැසිල් සිරගතව සිටියදී පාර්ලිමේන්තුවට ගොස් ඇරලවා නැවත එක්කන් එන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නා.
බැසිල් රාජපක්ෂ සිරගත කරන්නට හේතු වූයේ දිවිනැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනතාව වෙනුවෙන් අනුමත කරගත්
රුපියල් මිලියන 6000 ක මුදලකින් මිලියන 2100 ක් ඔවුන්ට අයත් ගිණුම් වල තැන්පත්කරගෙන ස්ථිර වශයෙන්ම වංචා කිරීම සම්බන්ධයෙනි.

එම මුදල් වලට සිද්ධවූ දෙය කියන්නට ඔවුන් සතුව ලේඛන නොතිබුණ බව පැවසේ. මේ තිදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා පොදු දේපල පනත යටතට වැටෙන චෝදනා වූ අතර ඉතිරි මුදල් වලින් ලිත් ලක්ෂ 50 ක් පුද්ගලික මුද්‍රණාලයකින් නීති විරෝධී ලෙස මුද්‍රණය කිරීමත් තවත් මූල්‍ය වංචාවකුත් වංචා නොවන බව හෙළිකරන්නට ඔවුන් අපොහොසත්වූ බව පැවසේ. නඩු අංක 9551, 9557 සහ 9576 යටතේ මොවුන්ට එරෙහිව පොලිසිය විසින් චෝදනා ඉදිරිපත් කර තිබුණි.


බැසිල් අත්අඩංගුවට පත්වූ බව සවස 5 ට ප‍්‍රචාරයව වුවත් ඔහු පොලිස් පරීක්ෂණ සිදු කරන ස්ථානයෙන් එළියට ආවේ රාත‍්‍රි 8.30 ට පමණය.
මෙම පමාවට හේතුවූ කරුණු ඇතැම් නිල නොවන ආරංචි  අනුව වෙනත් ලෙස විස්තර වුණා.
ඒ අනුව වාර්තාවූයේ බැසිල් වරද පිළිගන්නට අකමැතිවූ බවත් තමා ලෙඩෙක් බව කියමින් එතැන කලබලයක් ඇති කරන්නට උත්සාහ කර ඇති බවකි. නමුත් තරාතිරම කවුරු වුවත් නීතියට එකඟ විය යුතු බව පැහැදිලි කිරීමෙන් පසු ඔහු එළියට ගෙන ඇතැයි එම ආරංචි කියැවුණා..

ඊයේ රාත‍්‍රි 9.30 වනතුරු බැසිල් එනතුරු කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාට රැඳී සිටින්නට සිදුව ඇත.බැසිල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ගම්පහ ප‍්‍රසන්න රණතුංගගේ අධාර කරුවන් විශාල පිරිසක් කඩුවෙල අධිකරණය ඉදිරියේ රැස්ව සිටි බව වාර්තා වන අතර මෙම නීතිමය ක‍්‍රියාමාර්ග වැරදි බවත් බැසිල්ට හිරිහැරයක් වන තීරණයක් නොගන්නා ලෙසත් එම පිරිස කෑ ගසමින් ඉල්ලා සිට තිබෙනවා.
මෙම අවස්ථාවට ප‍්‍රසන්න රණතුංග සරත් මනමේන්ද්‍ර සහ ලොකු තාත්තා බලන්නට ආ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාද පැමිණ සිටීම විශේෂත්වයකි.
බැසිල් යළි පාර්ලිමේන්තුවට එන ලබන 27 වනදා 19 වන සංශෝධනයද පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර බැසිල් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ සංවිධානය වේදැයි සැක සහිතය.

මේ අතර ජනපතිගේ අනෙක් සොයුරු ගෝඨාභය රාජපක්ෂ අද අල්ලස් කොමිසමට කැඳවා ඇති අතර එයට විරෝධය පාන්නට උදය ගම්මංපිලගේ පිරිස් උදෑසන සිටම කොමිසම අසළ රැඳී සිටින බවද වාර්තා වුණා.

Popular posts from this blog

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප